News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

අද ලග්න දෙකක් පියපස ඥාතීන් එක්ක කටයුතු කිරීමේදී කල්පනාකාරී වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

2712 Views


අද ලග්න දෙකක් පියපස ඥාතීන් එක්ක කටයුතු කිරීමේදී කල්පනාකාරී වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 20 සඳුදා

රාහු කාලය පෙ.ව 07.30 සිට 08.59

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

මේෂ ලග්නය

තීන්දු තීරණ ගන්න අද දවස ඉතාමත්ම අසුභ දවසක්. තනි තීන්දු තීරණ විශේෂයෙන්ම ගන්නට එපා. අත්සන් තැබීම වලදී බොහෝ සෙයින් කල්පනාකාරීව කටයුතු කරන්න. යාලුහිතමිත්‍රාදින්ගෙන් පුංචි පුංචි බාධා ඇති වෙනවා. යාළුවන්ට උපකාර කරන්න ගිහින් අනවශ්‍ය ගැටළු මතු වෙනවා. මුල්‍ය අර්බුධකාරී තත්ව මානසික පීඩාකාරී තත්ව කාන්තා පාර්ශවයන්ගෙන් අසුභ බලපෑම් ඇති වෙනවා. ඉහල නිලධාරීන් සමග කරන කතාබහේදී පවා ඔබට පාඩු සහගත තත්ව ඇති වෙනවා. සන්නිවේදන ආශ්‍රිත කටයුතු වලට පවා බාධාවන් ඇති වේවි. කලකිරීම් ඇති වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කහපැහැය               ජය අංකය: 03

වෘෂභ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. අන් අය නොපකිලිවම ඔබේ කටයුතු වලට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. අන් අයගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලබා ගන්න පුළුවන්. යාළුවන් බොහෝ හොදින් සක්‍රීයව ඔබේ කටයුතු වලට දායකත්වය සපයනවා. විවාහ ජීවිතය තුල ප්‍රේමනීය සබදතා තුල බාධා තිබුණානම් ඒවා පහසුවෙන් දුරු කරගත හැකි වෙනවා. ජීවිතය ජයග්‍රාහී මාවතකට යොමු කර ගන්න හැකියාව ශක්තිය පවතිනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික ශක්තිය දියුණු වෙනවා. ආහාර විෂවීම් බෙහෙත් ඖෂධ විෂ වීම් වැනි තත්ව ඇති විය හැකියි. පෞරුෂය සමාජ ශක්තිය වර්ධනය වෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 04

මිථුන ලග්නය

කායික ශක්තිය මානසික ශක්තිය නිරෝගී සුවය ඉතාමත්ම පහසුවෙන් ලගා කර ගන්න හැකියි. අනිත් අයගේ උදව් උපකාර හිමි වෙනවා. තාක්ෂණික පොත්පත් සෞන්දර්යාත්මක කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යහපත්. යන්ත්‍රසුත්‍ර ආශ්‍රිත කටයුතු පවා දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. ගෙදරදොර කටයුතු නිසා තරමක කාර්යබහුලතාවක් නිර්මාණය වෙනවා. ප්‍රේමනීය සබදතා වල බාධා කම්කටොලු තිබුණානම් ඒවා විසදා ගන්න හැකි වෙනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. ආහාර ආශ්‍රිත කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. තද කේන්ති සහගත තත්වයක් ඇතිවිය හැකියි. එය පාලනය කර ගන්න.

ජය වර්ණය: ලා රතු පැහැය                      ජය අංකය: 09

කටක ලග්නය

අධ්‍යාපනික කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා. ශරීර සෞඛ්‍ය වර්ධනය වෙනවා. සතුරු කරදර දුරු වෙනවා. ලෙඩදුක් දුරු වෙනවා. වැඩ කරන සේවකයන්ගෙන් යම් ආකාරයක බාධා කම්කටොලු තිබුණානම් ඒ බාධා පවා දුරු කර ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. ගෙදරදොර අලංකරණය සදහා කටයුතු කරනවා. කලාකාමී කටයුතු පහසුවෙන් ජයග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතිනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු පාලනය කරගන්න. පියපස ඥාතීන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                               ජය අංකය: 08

සිංහ ලග්නය

කලාකාමී කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු මුල්‍ය පරිපාලන ආදී කටයුතු බොහොම පහසුවෙන් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු දියුණු වෙනවා. අන් අයත් සමග හවුලේ කරන කටයුතු සාර්ථක වෙනවා. අන් අය ඔබේ වචනය විශ්වාස කරනවා. ඒ නිසාම ඔබේ පෞරුෂය වර්ධනය වෙනවා. සමාජසේවා කටයුතු වලට ඉතාමත්ම යහපත්. අසල්වාසීන්ගෙන් ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. පාද ආශ්‍රිත රෝග විටින් විට ඇති වෙනවා. දෛනික කටයුතු ඉටු කරනවා. ගෙදර වෘත්තිමය ස්ථානයේ පරිසරය නිරවුල්ව පවත්වා ගැනීමට කටයුතු කරනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

කන්‍යා ලග්නය

ඔබ ඔබගේ පෞරුෂය පිලිබදව සෑහීමකට පත් වෙනවා. ඔබේ පෞරුෂය මුල් කරගෙන බොහෝ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. සහෝදර ඥාතීන්ගේ උදව් උපකාර පවා ඔබට හිමි වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු පහසුවෙන් සක්‍රීයව පවත්වා ගෙන යාමේ හැකියාව පවතිනවා. මුල්‍ය පරිපාලන කටයුතු දියුණු වෙනවා. පොත්පත් ආශ්‍රිත කටයුතු වලින් අමතර ආදායම් මාර්ග උපයා ගත හැකි වෙනවා. ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 09

තුලා ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු බහුල කරනවා. වාග් ශක්තිය දියුණු කරනවා. ඔබ කතා කරන වචන වලට අන් අයව වසග වෙනවා. තනතුරු ලාභ වගේම ගෞරවය හිමිවන දවසක්. බොහෝ දේවල් වලට පරිනතභාවය කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. ඉහල නිලධාරීන්ගේ ගෞරවයට පත් වෙනවා. උසස් වීම් හිමි වෙනවා. තරමක අවිදිලි අධික ස්වභාවයක් පවතිනවා. සිහින් පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති වෙනවා. පියපස ඥාතීන්ගෙන් පුංචි පුංචි බාධා ඇති වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

වචන බාවිතා කරද්දී සැලකිලිමත් විය යුතුයි. රිය ධාවනය කිරීම් උස් සහිත ස්ථාන තෙත් සහිත ස්ථාන වලදී ගින්දර සහ විදුලිය බාවිතා කරන කටයුතු වලදී වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි. කායික ශක්තිය මානසික ශක්තිය දියුණු වෙනවා. ජයග්‍රාහී ලීලාවෙන් බොහෝ කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබේවි. ආගමනුකුල ගමන් වලට යන්න ඉඩකඩ වෙන් වෙනවා. රෝගී කෙනෙක් අද දවසේ ඔබේ පිහිටක් අපේක්ෂා කරනවා. එවැනි අයට උදව් කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

ධනු ලග්නය

වෘත්තිමය කටයුතු වලදී ඔබට බොහෝ සෙයින් ගැටළු මතු වෙනවා. රාජකාරි කටයුතු බහුල වෙනවා. අලුත් වගකීම් පැවරෙනවා. වගකීම් නිසියාකාරව ඉටු කර ගැනීමට නොහැකිව මානසිකව ඇද වැටීමේ ඉඩකඩක් පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබේ යාළුවන් පවා ඔබට උදව් නොකරන තත්වයක් උදා වෙනවා. ගැටළු සහගත ස්වභාව ගැටුම් ඇතිවිය හැකියි. දුරබැහැර ගමන් වලින් යම් ආකාරයක ශාරීරික පීඩාවන් ඇති වෙනවා. කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. අතහැරුණු කටයුතු ඔබට කිරීමට සිදු වෙනවා. ආහාර ගැනීමේදී ඔබගේ සෞඛ්‍ය පිලිබදව විමසිලිමත් වන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 08

මකර ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත සංචාරක ආශ්‍රිත කටයුතු ආහාරපාන සම්බන්ධ කටයුතු ආපනශාලා ආශ්‍රිත කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ හිමි වෙනවා. මුල්‍ය පරිපාලන කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. ජලාශ්‍රිත පරිසර වලින් ලාභ ලබා ගන්න පුළුවන්. බලාපොරොත්තු රහිත බාධාකාරී ස්වභාවයක් ඇති වෙනවා. ඉවසිලිවන්තව කටයුතු කරන්න. අත්සන් තැබීමේදී ඔබට බොහෝ වාසි හිමි වෙනවා. හවුල් ව්‍යාපාර වලින් බොහෝ බාධා ඇති වෙනවා. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලින් බාධා කම්කටොලු ඇති විය හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 08

කුම්භ ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. ලිපිලේඛණ ආශ්‍රිත මානව සම්පත් කළමනාකරණ ආශ්‍රිත කටයුතු වලිනුත් ජයග්‍රහණ හිමි වෙනවා. යහළුවන්ව විශ්වාස කරලා බොහෝ උදව් උපකාර ලබා දෙනවා. ඒ යහළුවන්ගෙන් පෙරලා උපකාර ලබා ගන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් වලට පුංචි හෝ දෝෂ සහගත තත්වයක් හෝ යානවාහන වලට බාධාවක් ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 06

මීන ලග්නය

පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. දෙගුරුන්ගේ ආශිර්වාද හිමි වෙනවා. ඔබේ ගැටළු අමතක කරලා සතුටෙන් සිටින්න හැකියාව ලැබෙනවා. ඔබගේ වෘත්තිමය ගරුත්වය ආරක්ෂා කර ගැනීමේ හැකියව පවතිනවා. ව්‍යාපාරික කටයුතු වල යම් ආකාරයක පසුබැසීමක් ඇති වෙනවා. යම් පිඩාවක් ඇතිවිය හැකියි. දණහිස, ස්නායුගත රෝග ඇතිවිය හැකියි.

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 

 

 


News Articles
Latest Videos
Most Popular Post