ලෝකෙට වැඩිම රූ රැජිණියන් පිරිසක් බිහි වුන රටක් තමයි වෙනිසියුලාව. හැබැයි මේ පාර Miss World තරඟයේදී වෙනිසියුලාව විතරක් නෙවෙයි ලෝකේ රටවල් 108 ක සුරුපිණියන් පරදවන්න ඉන්දියානු යුවතියකට පුළුවන් වුනා. අන්තිමට ඉන්දියාවට ලෝක රූ රැජින කිරුළක් ලබාගන්න පුළුවන් වුනේ 2000 අවුරුද්දේ. ඒ කිරුළ හිමි වුනේ ප්‍රියංකා චොප්රාට. ඉතින් අවුරුදු 17 කට පස්සේ ඉන්දියාවට Miss World කිරුළ දිනා දෙන්න සමත් වුනේ මනුෂි චිලර්.
ඇයගේ වයස අවුරුදු 20යි. මනුෂී තාමත් නවදිල්ලි Bhagat Phool Singh රජයේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය සිසුවියක්. මනුෂිගේ අම්මයි, තාත්තයි දෙන්නත් වෛද්‍යවරු. ඇයගේ බලාපොරොත්තුව හෘද ශල්‍ය වෛද්‍යවරියක් වෙන එක. ඒ වගේම ඇය සම්භාව්‍ය නර්තන ශිල්පිණියක් විදිහට පුහුණුව ලබලා තියෙන අතරෙ ස්වභාවික ගවේෂණ, Scuba Diving, Snorkelling සහ Bungee Jumping වගේ එළිමහන් ක්‍රීඩා වලටත් දක්ෂයි.
මේ තියෙන්නේ මනුෂී පෙරේදා Miss World තරඟයේ කිරුළ ලබාගත්ත අවස්ථාවේ දර්ශණ.
https://youtu.be/E8B1c3NpLpc
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදී වගේම 2000 අවුරුද්දේදී ලෝක රූ රැජින සුරූපී නිළි ප්‍රියංකා චොප්රාත් ඇයට Twitter හරහා සුබපතලා තියෙනවා.
Congratulations @ManushiChhillar! India is proud of your accomplishment.
— Narendra Modi (@narendramodi) November 18, 2017
And we have a successor!Congratulations @ManushiChhillar on becoming #MissWorld2017.. cherish and learn, and most importantly enjoy it.Bravo
— PRIYANKA (@priyankachopra) November 18, 2017