News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

දිගු කාලයක් ජීවත් වෙන්න බල්ලෙක් අැති කරන්න – අලුත්ම පරීක්ෂණයකින් හෙළිවුන කරුණු මෙන්න.

1536 Views


දිගු කාලයක් ජීවත් වෙන්න බල්ලෙක් අැති කරන්න – අලුත්ම පරීක්ෂණයකින් හෙළිවුන කරුණු මෙන්න.

ස්වීඩනයේ පර්යේෂකයින් පිරිසක් දිගු කාලයක් ජීවත් වෙන්න වගේම හෘද රෝග අවම කර ගන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මේ ක්‍රමය අැහුවම ඔබත් පුදුම වේවි. එ් තමයි බලු සුරතලෙක් අැති කරන එක. මානව පරිණාමයේ ඉඳලම මිනිසාගේ තනි නොතනියට හිටිය බල්ලා මිනිස්සුන්ගේ අායු කාලය වැඩි කරයි කියලා කවුද හිතුවේ.

ස්වීඩනයේ කරපු පරීක්ෂණයට අනුව බලු සුරතලෙක් ඉන්න වැඩිහිටයන්ගේ මරණ අවදානම 33% කින් අඩු කර ගන්න පුළුවන්. එ් වගේම හෘද රෝග අවදානම 36% කින් අඩු කර ගන්නත් බලු සුරතල්ලු මිනිස්සුන්ට උදව් කරනවාලු. 2001 ඉඳන් 2012 දක්වා ස්වීඩනයේ වයස අවුරුදු 40 ත් 80 අතර පුද්ගලයන් ලක්ෂ 34 කගේ විතර තොරතුරු අරන් තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ.

එ් වගේම බලු සුරතලෙකුගේ අයිතිකාරයෙක් වුනාම දිනපතා හොද ශාරීරික ව්‍යායාම ශරීරයට ලැබෙනවාලු. එ්කත් මේ ප්‍රථිඵලය ලැබෙන්න හේතුවක් කියලයි පර්යේෂකයන් කියන්නේ. හැබැයි ඉතිං බල්ලෙක් ගෙනල්ලා කූඩුවක දාලා කන්න බොන්න දුන්න පලියට අායු කාලය දිගු වෙන්නේ නෑ. එ්කට බලු සුරතලාට අාදරෙන් සලකලා පුළුවන් තරම් උෟ එක්ක කාලය ගත කරන්න ඕන.


News Articles
Latest Videos
Most Popular Post