අද 2017 නොවැම්බර් මාසයේ 21 අඟහරුවාදා
රාහු කාලය: ප.ව 02.53 සිට 04.21
සුභ දිශාව: ඊසාන
මරු සිටින දිශාව: දකුණ

තරමක් දරුණු, කාය ශක්තිය ඇති ඕනෑම ස්ථානයක ප්‍රමුඛයා වීමේ ආසාව සහ කඩිසර ගතිය එඩිතර ස්වභාවය මතුවන දවසක්. විදේශගත වෙන්නට අයදුම් පත්‍ර භාර දෙන්න සුභ දිනයක්. විදේශ භාෂාවක් හදාරන්නත් පුළුවන්. විවාහ ප්‍රමාද අයට ඒ තත්වය දුරලීමට හැකි වෙනවා.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09

ගංගා ඇලදොළ මුහුදේ ස්නානය දුර ගමන් කෙටි ගමන් අඩු කරන්න. කිසියම් හවුල් ව්‍යාපාරයකට අත ගහන්න ඒ පිලිබදව අවධානය යොමු කරන්න සුභ දිනයක්. ශරීරයේ පවතින රෝග පීඩා ගැනත් උනන්දු වන්න. විදේශගත හෝ දේශියගත ප්‍රතිකර්ම වලට යොමු වෙන්න. ගොඩ වෙදකම් කිරීම සුභ නොවේ.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 08

ඔබගේ නිවසේ ඉඩමේ පවුලේ ආරවුලක් තිබුණානම් ඒක විසදා ගන්න කදිම දවසක්. නිවසේ පවතින යම් වාස්තු දෝෂයක් පිළිසකර කර ගන්නත් කදිම දවසක්. ඔබට වෙළදපොලට යන්න නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න දරුවන්ගේ කටයුතු සොයන්න කදිමයි. මෙයින් ලාභදායක තත්වයක් උදා වෙන්න පුළුවන්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07

නිවසට අත්‍යවශ්‍ය අලංකාරය සදහා යම් යම් දේවල් මිලදී ගන්න සුභයි. පොත්පත් පරිශීලනය කිරීමට විභාග වලට සුදානම් වීම අතපසු වෙච්ච වැඩ ආරම්භ කිරීමටත් කදිමයි. ඉවසීම අඩු අනවශ්‍ය ප්‍රවේසම සොයන අය. ආගමික වතාවතක් කරලා දවස පටන් ගන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 06

අතපසු වුණු සියලු වැඩ උසස් අධ්‍යාපනයේ නිරත අයට සුභයි. මනා පෞරුෂයක් සහිත නිර්භීත ස්වභාවය පාලන සහිත සාධාරණ අන්දමින් කටයුතු කිරීම පව් දුරු කිරීම නිදහස් නිවහල් ගති ලක්ෂණ පහල වුණු අය. අතිරේක ව්‍යාපාරයක් අද පටන් ගත්තොත් එය හෙට දවසේ දියුණු වෙන්න පුළුවන්.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 05

කිසියම් නිවසක් ඉඩමක් ගෙයක් නිශ්චල දේපලක් ගැන හොයන්න බලන්න යන්න කදිමයි. රථවාහනක් මිලදී ගන්න වුනත් සුභයි. වාස්තු දෝෂ නිවැරදි කර ගැනීමට හැකියි. ඒ තුලින් ඔබගේ නිවසට සාර්ථකත්වය අභිමානත්වය ඇතිකර ගන්න පුළුවන්.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 04

පැරණි කුසලතා මතු වීම සෞන්දර්ය කුසලතා එලි දැක්වීම වැනි දේවල් සිදු වෙනවා. වෙළදාමට දක්ෂ වීම සියලු ප්‍රශ්න වලදී සමබර වීම යහපත් ගුණාංග චිත්‍රයට සංගීතයට ඇලුමක් ඇති වීම මනා ලෙස තියෙන අය. ආර්ථික ප්‍රතිලාභ හම්බෙනවා. අතිරේක ව්‍යාපාර ආරම්භ කරන්නත් සුභ දිනයක්.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 03

කටහඬ යොදවා වෘත්තීන් වල කටයුතු කරන අයට වාසි හිමි වෙනවා. ගුරු කථිකාචාර්ය නීතිඥ නිවේදක ගායක වැනි වෘත්තීන් වල නිරත අයට සුභයි. තර්කයෙන් දිනීමට හැකියාවක් තියෙනවා. බොරුව මුසාව ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ක්ෂණිකව ඕනෑම වරදක් කර ඇග බේරා ගැනීමේ හැකියාව තියෙනවා.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 02

රස මසවුළු ආහාර නොගිය තැන් වල නැරඹීමට යාම සුව පහසු ස්ථාන වලට තමා නියෝජිතයෙක් ලෙස සහභාගී වීමට යාම ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමේ හැකියාව තියෙනවා. අද දවස ඉතා සුභ අන්දමින් ගත කරන්න පුළුවන්. රැකියා ස්වයං ව්‍යාපාර ස්ථාන වල අමුත්තන් පිළිගන්න හම්බ වෙන දවසක්. තරමක මංගල යෝග උදා වෙනවා.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 01

අඩමාන වැඩ කරන්න හොද නැති දවසක්. ද්වේශයෙන් කෝපයෙන් වෛරයෙන් කරන්නට එපා. ප්‍රඥාව නායකත්වය පාලන ශක්තියට ගැටළු විසදීමට පුදුම දක්ෂතාවයක් තියෙන අය. රැකියා ස්ථානයේ ආදායම් ස්ථානයේ ස්වයං ව්‍යාපාර ස්ථානයේ ගැටළු විසදා ගන්න පුළුවන්. හදිසි ලැබීම පවතිනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02

ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය නොදන්නා අය සමග විහිලුවට යාම, මඩ ගොහොරු දිය සෙවෙලි ඇති ස්ථාන වල ගමන් කිරීමෙන් පරිස්සම් වෙන්න. නොදන්නා අය සමග විහිලු තහළු කිරීමෙන් වලකින්න. ඔබගේ ගරුත්වය ආරක්ෂා කර ගත යුතු දවසක්. සෞඛ්‍ය ගැන තමන්ගේ ශරීරයේ ආපදා ගැන විමසිලිමත් වෙන්න. ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08

අධ්‍යාත්මික ශක්තිය නිපදවීමට දක්ෂ අය. සත්ව කරුණාව දුබල අයට පිහිට වීම ආචාර්ය මහාචර්ය තනතුරු වල කටයුතු කිරීමේ භාග්‍ය හිමි වෙනවා. කැපී පෙනීම ආදායම් මාර්ගයේ දියුණු වීම චිත්ත ප්‍රීතිය උතුරන දිනයක්. අන් අය සතු ධනය මුදල් ලැබීම වගේම යම් උරුමයක් ලැබීමේ භාග්‍යද හිමි වෙනවා.
ජය වර්ණය: තද ගුරු පැහැය ජය අංකය: 01
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829