හිස ගසා දැමීම කියන දඬුවම ගැන අපි අහල තියෙන්නේ ඉස්සර කාලේ තිබුන දඬුවම් ක්‍රමයක් විදිහට. එත් ඔන්න ආපහු මේ දඬුවම ක්‍රියාත්මක කරන්න යන කතාවක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මේ දඬුවම ආපහු පටන්ගන්න යන්නෙත් එසේ මෙසේ කෙනෙක්ගෙන් නම් නෙමෙයි. ආරංචියේ විදිහට බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන කෙනෙක්ට තමයි ඉන්දීය රුපියල් කෝටි 100 ක තෑග්ග ලැබෙන්නේ. මෙහෙම කතාවක් කියන්නේ ඉන්දියාවේ ජනතා පක්ෂයේ හින්දු ජාතිකවාදී නායකයෙක්. ඔහුගේ නම සුරාජ් පාල් අමූ. ඔහු ඉන්නේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ.
ඔහු දීපිකා සම්බන්ධයෙන් මේ විදහට විරෝධයක් පළකරලා තියෙන්නේ ඇය ප්‍රධාන චරිත නිරූපණය කරන ‘පද්මාවතී’ චිත්‍රපටය මුල්කරගෙන. ඒකට හේතුව වෙන්නේ මේ චිත්‍රපටයට ඉන්දියාවේ හින්දු ජාතිකවාදීන්ගෙන් විරෝධය එල්ල වෙමින් පවතින එක.
පද්මාවතී චිත්‍රපටය ඉතිහාස කතාවක්. පද්මාවතී කියන්නේ මුස්ලිම් පාලකයෙක් එක්ක විවාහ වන හින්දු රැජිණියක්. ඉතින් මේ කතාව නිසා තමයි හින්දු ජාතිකවාදීන් කුලප්පු වෙන්න, පද්මාවතී චිත්‍රපටය හේතුවක් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය තිරගත කිරීම වැළැක්වීමටත් හින්දු ජාතිකවාදීන් උත්සාහ ගන්නවා කියලා ඉන්දීය පුවත් සේවා වාර්තා කරලා තියෙනවා.
මේ අතර පූනේ අධිකරණයක් මේ වෙනකොටත් ප්‍රාන්ත සිනමා ශාලාවල ‘පද්මාවතී’ තිරගත කිරීම තහනම් කිරීමට වාරණ නියෝගයක් නිකුත් කරලා තියෙනවා. කොහොම වුනත් පද්මාවතී එන දෙසැම්බරයේ බලන්න බලාපොරොත්තු තියාගෙන හිටපු රසිකයන්ට නම් මේක අසුභ ආරංචියක්.