News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

හතුරුසිංහ යළිත් උපන් බිමට පය තියයි. ආව ගමන් තීරණාත්මක සාකච්ඡාවක්…

1844 Views


හතුරුසිංහ යළිත් උපන් බිමට පය තියයි. ආව ගමන් තීරණාත්මක සාකච්ඡාවක්…

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට අාදරය කරන ගොඩක් අය මේ දවස්වල අැඟිලි ගැන ගැන ඉන්නෙ. එ් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න වීරයෙක් එනකන්. ඒ තමයි චන්දික හතුරුසිංහ. හතුරුට වීරයෙක් කිව්වට වරදක් නෑ. මොකද බංගලාදේශ කණ්ඩායම එදා හිටිය තැනයි අද ඉන්න තැනයි බැලුවම එ්ක හොදට පැහැදිලි වෙනවා. බංගලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉවත්වුන හතුරු ලංකාවේ ක්‍රිකට් කණඩායම භාර ගන්නවා කියන එක දැන් රහසක් නෙවෙයි. ඉතින් හැමෝම වගේ මග බලාගෙන හිටියේ හතුරා ලංකාවට එනකං.

හතුරුසිංහ ඊයේ පස්වරුවේ ලංකාවට අැවිත් කියලා අපිට ආරංචි වුනා. ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර අාරංචි මාර්ගත් එ් බව තහවුරු කරලා තියෙනවා. ලංකාවට අාපු ගමන්ම හතුරුසිංහ ගිහින් තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් මහ ගෙදරට. එහිදී ලංකාවේ ක්‍රිකට් පරිපාලකයින් එක්ක දීර්ඝ සාකච්ඡාවක් කරලා තියෙනවා. රෑ 8 ට විතර පටන් ගත්ත සාකච්ඡාව මාධ්‍යම රාත්‍රිය වෙනකන් තිබ්බා කියලයි අාරංචි වුනේ. හැබැයි යක්කු ගස් නගින වෙලාව වෙනකන් සාකච්ඡා කරේ මොනවද කියලා නම් තාම කවුරුවත් දන්නේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post