News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

බිරිඳ නිසා ලොව වයස්ගතම ජනපති ගෙදර යයි. ජනතාව සතුටු වෙයි.

1637 Views


බිරිඳ නිසා ලොව වයස්ගතම ජනපති ගෙදර යයි. ජනතාව සතුටු වෙයි.

මේ දවස්වල ලෝක දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව තමයි සිම්බාබ්වේ වල බල පෙරලිය. අවුරුදු 30 ක් තිස්සේ සිම්බාබ්වේ පාලනය කරේ රොබට් මුගාබේ. හැබැයි අන්තිමේදී බිරිද නිසා මුගාබේට වැඩ වැරදුනා. එ් හිටපු උප ජනාධිපති ඉවත් කරලා තමන්ගේ බිරිදව පත් කරන්න ගියපු නිසා. පහුගිදා සිම්බාබවේ හමුදාම මුගාබේව අත්අඩංගවට අරන් නිවාස අඩස්සියේ තැබුවා.

සාමාකාමී බල හුවමාරුවක් වෙනුවෙන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න කියලා පාලක පක්ෂය දැනුම් දුන්නා. එ්ත් මුරණ්ඩු මුගාබේ එ්ක ප්‍රතික්ෂේප කරා. එ් නිසා ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්න පාලක පක්ෂය කටයුතු කරමින් හිටියේ. විශ්වාසභංගය ගෙනාවොත් ඉතිරිවෙලා තියෙන නම්බුවත් විනාශ වෙලා යනවා කියලා දැක්ක මුගාබේ ඉක්මනටම ඉල්ලා අස්වුනා. එ් නිසා හිස්වුන ජනාධිපති පුටුව භාර ගන්න හිටපු උප ජනාධිපතිවරයා අායෙත් සිම්බාබ්වේට එනවලු.

අවුරුදු 30 ක පාලනය අවසන් වීමත් එක්ක සිම්බාබ්වේ රාජ්‍යට අලුත් අාරම්භයක් ලැබෙයි කියලයි දේශපාලන විචාරකයින් කියන්නේ. කොහොම හරි අන්තිමේදී අවුරුදු 30 ක්ම රට පාලනය කරපු මුගාබේට බිරිද නිසා එ්කත් නැති වුනා.

VIDEO එක පහතින්.

https://youtu.be/PdnMejn9GJA


News Articles
Latest Videos
Most Popular Post