News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

ඔබේ පෙම්වතියට දෙන්න ඕන රෝස මලේ හරිම පාට මෙතනින් තෝරගන්න.

7570 Views


ඔබේ පෙම්වතියට දෙන්න ඕන රෝස මලේ හරිම පාට මෙතනින් තෝරගන්න.

මල් කියන්නෙ හිතේ තියෙන දේවල් කියන්න කරන්න හොද මාධ්‍යක්. උපන්දිනයකදි, විවාහ උත්සවයකදී, ජීවිතේ විශේෂ අවස්ථා වලදී මල් පොකුරක් දීලා සුභ පතන්න ගොඩක් අය පුරුදුවෙලා ඉන්නවා. ගොඩක් වෙලාවට රෝස මල් තමයි දෙන්නේ හැබැයි ඉතිං අාවට ගියාට රෝස මල් දෙන්න යන්න එපා. මොකද රෝස මල් වල පාට අනුව විවිධ තේරුම් තියෙනවා. මෙච්චර කල් තේරුම නොදැන රෝස මල් දුන්න නම් මේක කියවලා බලන්න.

රතු පැහැති රෝස මල්

රතු රෝස මල් දෙන්නේ අාදරය ප්‍රකාශ කරන්න. මංගල ගමනේ දෙවෙනි දවසට රතු රෝස මල් කළඹට විශේෂ තැනක් තියෙන්නේ එ් නිසා.

 

ලා රෝස පැහැති රෝස මල්

කෘතඥතාවය දක්වන්න තමයි ලා රෝස පාට රෝස මල් දෙන්නේ.

 

තද රෝස පැහැති රෝස මල්

 

අගය කරන්න, ප්‍රසාදය පල කරන්න තමයි තද රෝස පාට මල් දෙන්නෙ.

 

කහ පැහැති රෝස

සතුට, ඥානවන්ත බව, ශක්තිමත් බව වෙනුවෙන් තමයි කහ රෝස මල් වෙන්වෙලා තියෙන්නේ. රෝගී කෙනෙක්ට සුවය ප්‍රාර්ථනා කරන්නත් කහ පාට රෝස මල් දෙනවා.

 

සුදු පැහැති රෝස

පිවිතුරු බව, අහිංසක බව සහ ගෞරවය පෙන්නන්න සුදු රෝස මල් යොදා ගන්නවා. මංගල දිනයේදී මනාලියන් සුදු පාට රෝස මල් යොදා ගන්න කැමති එ් නිසා.

 

තැඹිලි පැහැති රෝස

 

මිත්‍රත්වය පෙන්නන් තමයි තැඹිලි පාට රෝස මල් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post