මියුසික් වීඩියෝ වලින් ලංකාවම හොල්ලපු කෙනෙක් තමයි ඉරාජ් වීරරත්න. කාලෙකට සැරයක් අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝවක් නිකුත් කරලා රටම කළඹනවා. හැබැයි පහුගිය දවස්වල ඉරාජ් ලංකාවේ ප්‍රවීණ ගායකයෙකුගේ ජීවිත කතාවක් මියුසික් වීඩියෝ එකකට අරන් තිබ්බා. එ් නිසා කලින්ටත් වඩා බැනුම් අහන්න ඉරාජ්ට සිද්ධ වුණා.
එ් නිසා කාලයක් පහුගිය දවස් ටිකේ ඉරාජ් සද්ද නැතුව හිටියේ. හැබැයි ඊයේ ඉරාජ් රටම කැළඹෙන පෝස්ට් එකක් එයාගෙ ෆේස්බුක් ෆෑන් පේජ් එකට දාලා තිබ්බා. එ් තමයි ඉරාජ් හෝමාගමින් ඡන්දය ඉල්ලනවා කියලා. ඡන්දය ඉල්ලන පෝස්ට් එකක වුනත් ගොඩක් අාන්දෝලනාත්මක විදියට තමයි හදලා තිබ්බේ. සමරිසි අය වෙනුවෙන් ඉරාජ් ඡන්දය ඉල්ලනවා කියලයි සඳහන් වෙලා තියෙන්නේ.
මේකේ අැත්ත නැත්ත මොකක්ද කියලා නම් තාම ඉරාජ් මුකුත් කියලා නෑ. මියුසික් වීඩියෝ ප්‍රමෝට් කර ගන්න, එක එක වැඩ කරන ඉරාජ්ගේ තවත් ප්‍රමෝටින් වැඩක් වෙන්නත් පුළුවන්.