News Line| Off Air
Generic placeholder image

Nov
23

ඉන්දියාවත් එකට එක කරයි – VIDEO

1582 Views


ඉන්දියාවත් එකට එක කරයි – VIDEO

ලංකාවේ ලොකු අයියා තමයි අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව දැන් ලංකාවට විතරක් අයියා වෙලා ඉඳලා අැති වෙලාද කොහෙද. ලෝකෙටම අයියා කෙනෙක් වෙන්න හදනවා. ලෝක බලවතෙක් වෙන්න දත කන ඉන්දියාව පහුගිය දා එකේ තවත් පියවරක් තිබ්බා.

එ් තමයි ශබ්දයේ වේගයෙන් ගමන් කරන කෘස් මිසයිලයක් අත්හදා බැලුවා. ඉන්දියාව මේ මිසයිලය නම් කරලා තියෙන්නේ “බ්‍රහ්මෝස්” කියලා. ඉන්දියාවේ අාරක්ෂක අැමතිනි නිර්මලා සීතාරාම් නිවේදනයක් නිකුත් කරලා කිව්වේ මිසයිලය සාරථකව අත්හදා බැලුවා කියලා. එ්ක ඉන්දියාවේ ඵෙතිහාසික ජයක් කියලත් අැය කිව්වා. කොහොම වුනත් බ්‍රහ්මෝස් මිසයිලය ඉන්දියාවේ සහ රුසියාවේ එ්කාබද්ධ ව්‍යාපෘතියක්.

මේ මිසයිලය බෙංගාල බොක්කට ඉහළ අහසේ ඉදන් ප්‍රහාරක ජෙට් යානයකින් තමයි මුදාහැරලා තියෙන්නේ. එ් වගේම බ්‍රහ්මෝස් මිසයිලය දිය මත ඉඳගෙන සහ ගොඩබිම ඉඳගෙනත් දියත් කරන්න පුළුවන්.

ඉන්දියාවේ මේ සාර්ථකත්වය ගැන ලංකාවටත් සතුටු වෙන්න පුළුවන්. මොකද අයියා ඉහළට යන්න යන්න මල්ලිටත් එ්කෙන් වාසියක් ලැබෙන නිසා.

VIDEO පහතින්

මේ තියෙන්නේ ඉන්දීය අගමැති මේ වෙනුවෙන් නිකුත් කරපු Twitter පණිවිඩය.

https://twitter.com/narendramodi/status/933326415784587264


News Articles
Latest Videos
Most Popular Post