ලිංගිකත්වය කියන්නේ අපේ රටේ අය කතා කරන්න අකමැති මාතෘකාවක්. ලැජ්ජාව නිසා සහ සමාජය වපර අැහැකින් බලාවී කියන බයට කවුරුවත් එ් ගැන කතා කරන්නේ නෑ. එ් නිසාම මේ වෙද්දී ලංකාවේ සමාජ රෝග වැඩිවෙලා තියෙනවා. එ්කට හේතුවක් තමයි අනාරක්ෂිත ලිංගික හැසිරීම්. ලිංගාශ්‍රිත රෝග වලින් බේරෙන්න තියෙන පහසුම ක්‍රමය තමයි උපත් පාලන කොපු භාවිතා කරන එක.
එ්ත් ෆාමසියකින් ගිහින් උපත් පාලන කොපු ඉල්ලන්නත් ලංකාවේ මිනිස්සු ලැජ්ජයි. එහෙම අයට ලැජ්ජා නොවී උපත් පාලන කොපු ගන්න අලුත් ක්‍රමයක් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධානය හදුන්වා දීලා තියෙනවා. එ් තමයි Smart Condom Vending Machine. එ්කේ පලවෙනි මැෂින් එක කොළඹ බුලර්ස් පටුමග අාරම්භයේ ( ටොරිංටන්) වල පිහිටුවලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ යන්ත්‍රයට තමන්ගේ දුරකතන අංකය අැතුලත් කරන්න. ඊට පස්සේ දුරකතනයට එන PIN අංකය යන්ත්‍රයට අැතුලත්.කරලා උපත් පාලන කොපු ලබා ගන්න තියෙන්නේ.
එක උපත් පාලන කොපු පැකට්ටුවක් රැපියල් 50 ක් වෙනවා. මාසය අවසානයේදී දුරකතන බිලට එ් මුදල එකතු වෙනවා. හැබැයි ඔබේ දුරකතන බිල්පතේ එ් මුදල එකතු වුනේ මොකටද කියලා වැටෙන්නේ නෑ. දැනට එක දුරකතන ජාලයකට විතරයි මේ පහසුකම තියෙන්නේ. ඉදිරියේදී තවත් මේ වගේ යන්ත්‍ර කිහිපයක්ම කොළඹ පුරා ස්ථාපනය කරනවලු.
කොහොම වුනත් මේ යන්ත්‍රය යහපත් සෞඛයක් පවත්වා ගන්න විතරක් භාවිතා කරොත් තමයි හොද.