ලෝකයේ ධනවත්ම රාජ්‍යයක් තමයි සෞදි අාරබිය කියන්නේ. රත්තරං කාර් තියෙන, ATM යන්ත්‍ර වලින් රත්තරං කුට්ටි එන, කොටි වලස්සු හුරතලේට අැති කරන එකම රට සෞදිය. කොහොම වුනත් මේ දවස්වල සෞදියේ ලොකු පරිවර්තනයක් වෙනවා. එ් ඔටුන්න හිමි මොහොම්මද් බින් සල්මාන් රජ කුමරුගේ මෙහෙයවීමෙන්.
එ් අතර ප්‍රධානම කාරණයක් තමයි මෙච්චර කාලයක් වුන වංචා දූෂණ හොයන එක. සෞදියේ වංචා දූෂණ වලට සම්බන්ධ මහා ධන කූවේරයෝ රැසක් පහුගිය දවස්වල අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට විශේෂිත කමිටුවකින් දඩුවම් දුන්නා. හැබැයි වෙන රටවල වගේ සෞදියේ නම් දූෂණ හොයන කමිටුවෙන් නම් කට්ටි පනින්න බෑ. ඩේලි මේල් පුවත්පත වාර්තා කරන විදියට වංචා දූෂණ වලට අත්අඩංගුවට ගත්ත රජ කුමාරවරුන්ට එල්ලා පහර දෙනවලු.
සොදියේ රහසිගත සිර කදවුරක තමයි මේ වැඩේ කරනවා කියන්නේ. අත්අඩංගුවට ගත්ත රජ කුමාරවරුන්ව දෙපා වලින් එල්ලා පහර දෙන්නෙ කුලියට ගත්ත විශේෂිත අැමරිකානු අාරක්ෂකයින් පිරිසක්. සෞදි හමුදාම මේ වැඩවලට කිසිසේත්ම සම්බන්ධ කර ගන්නේ නෑ කියලයි අාරංචි වෙන්නේ. මේ අැමරිකානු කුලී අාරක්ෂකයින් “බ්ලැක්වෝටර්” කියන සමාගමට තමයි අයිති වෙන්නේ.
කොහොම වුනත් මේ විදියට පහර දෙන එක කොච්චර යුක්ති සහගතද කියන ප්‍රශ්නය තියෙනවා. සෞදියේ නම් වංචා දූෂණ කරලා ගැලවිලා ඉන්න බෑ කියන පණිවිඩයත් එ්කෙන් ඔවුන් දෙනවා. හැබැයි ඉතිං සෞදියේ එහෙම වුනත් වෙන රටවල නම් එහෙම වෙනනේ නෑ කියලා තමයි කියන්න තියෙන්නේ.