ලංකාවේ ප්‍රධානම ප්‍රවාහන මාර්ගයක් තමයි බස් රථ කියන්නේ. සාමාන්‍ය ජනතාවට උදේහවා ගමන් බිමන් යන්න තියෙන්නේ බස්. එ්ත් ඉතිං සමහර බස්රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ වැඩ නම් මේලෝ කමකට නෑ. හරියට අපි නිකන් බලෙන් බස් එකට නැගලා සල්ලි නොදී යනවා කියලා තමයි එයාලා හිතාගෙන ඉන්නේ.
සමහර බස්රථ රියදුරන්ට සහ කොන්දොස්තරලාට එයාලම හදා ගත්ත අමුතුම නීති වගයක් තියෙනවා. ලංගම බස්වල කොන්දොස්තරලා කරන නරකම වැඩක් තමයි වාර ප්‍රවේශ පත්‍ර වලට යන ළමයින්ට වාඩිවෙලා යන්න නොදෙන එක. ටිකට් එක අරගෙනත් බස්එකේ වාඩිවෙලා යන්න නොදුන්න කොන්දොස්තර කෙනෙක් ගැන මගියෙක් ෆේස්බුක් එකේ සටහනක් තියලා තිබ්බා.
එ් මගියා කුරූණැගලට යන්න දඹුල්ලෙන් බස් එකට නැගලා තියෙනවා. බස් එකේ විඩිවෙලා කුරුණෑගලට යන්න ටිකට් අරගෙන. එතකොට කොන්දොස්තර කුරුණෑගලට යනවා නම් වාඩි වෙලා යන්න බෑ කියලා. මේ වෙලාවේ බස් එකේ අාසන ගොඩක් හිස් වෙලා තිබිලා තියෙන්නේ. එහෙම නිතියක් තියෙනවාද කියලා අැහුවම කොන්දොස්තර මගියාගෙ අැගට ගොඩවෙලා. එහෙම නිතීයක් පොතේ නැතිවුනාට එ්ක මගේ නීතියක් කියලයි කොන්දොස්තර කියලා තියෙන්නේ. මඟියා බස් එකෙන් බැස්සට පස්සේ පුළුවන්නම් පැමිණිලි කරලා බලන්න කියලා චන්ඩි පාට් එකකුත් දාලා තියෙනවා.
එ් ගැන මඟියා පැමිණිලි කරන්න අනුරාධපුරයේ ඩිපෝවට කතා කරලා. එ් කතා කරපු නිලධාරියත් කොන්දොස්තරගේ පැත්ත අරන් තමයි කතා කරලා තියෙන්නේ. අනුරාධපුර ඩිපෝවට අයිති BN-nc-2176 බස්රථයේ තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ.
මේ වගේ කොන්දොස්තරලා සහ ඔවුන්ව අාරක්ෂා කරන නිලධාරීන් ඉන්න කම් ලංකාවේ ප්‍රවාහන සේවය ගොඩගන්න බෑ ජපානයේ නම් දුම්රිය විනාඩියක් පරක්කු වුනත් රියදුරු හැම මඟියෙක් ගාවටම ගිහින් සමාව ගන්නවා
මේ තියෙන්නේ මඟියා තියපු සටහන.