මේ දවස්වල කොළඹ ලොකු සංවර්ධනයක් වෙනවා. දකුණු අාසියාවේ වැඩිම දොඹකර ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන නගරයත් කොළඹ. අහස සිඹින්න තරඟයට ඉහළ යන ගොඩනැගිලි කොළඹ පුරාම. හැබැයි එ් හැමෝටම කලින් එක්කෙනෙක් අහස අැල්ලුවා. එ් තමයි නෙළුම් කුලුන.
ලංකාවේ තියෙන උසම ගොඩනැගිල්ල වෙන්නෙ නෙළුම් කුලුන. මේ වෙද්දි නෙළුම් කුලුනේ වැඩ ගොඩක් ඉවරයි. අන්තිම වැඩ ටිකත් ලහි ලහියේම අවසන් කෙරෙමින් තියෙන්නේ. ඊයේ පළවෙනි වතාවට නෙළුම් කුලුන අාලෝකය දැල්වුවා. පෙති කිහිපයක විතරයි මේ විදියට අාලෝකය දැල්ලුවේ. එ්ත් බලන්නකො කොච්චර ලස්සනද කියලා. වැඩ සේරම ඉවර වෙලා මුළු කුලුනම අලෝකමත් වුනාම කොයිතරම් නම් ලස්සන වෙයිද කියලා හිතා ගන්නවත් බෑ නේද.?