News Line| Off Air
Generic placeholder image

Nov
25

” අපිට අපි විතරයි මචං” – පාදයක් අහිමි වුනු හමුදා සෙබලාට බස් එකේදි පිහිට වුනෙත් හමුදා සෙබලෙක්. සිංහ කොඩි Profile picture එකට දාන රටේ සිද්ධ වුණු තිත්ත කතාවක්.

2163 Views


” අපිට අපි විතරයි මචං” – පාදයක් අහිමි වුනු හමුදා සෙබලාට බස් එකේදි පිහිට වුනෙත් හමුදා සෙබලෙක්. සිංහ කොඩි Profile picture එකට දාන රටේ සිද්ධ වුණු තිත්ත කතාවක්.

ශ්‍රී ලංකාව 30 වසරක කුරිරු යුද්ධයක් තිබ්බ රටක්. මරණ බයෙන් ජීවත් වුන අපිට අායෙත් නිදහස ගෙනාවෙ හමුදාවේ අපේම කොල්ලො. නිකන් නෙවෙයි තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා. අැස්, මස්, ලේ අහිමි කරගෙන. එ් දවස්වල ලංකාවේ අය හමුදාවේ රණවිරුවෙක් තරම් වීරයෙක් නෑ. එ්ත් අද අපිට ඔවුන්ව අමතක වෙලා. අපිට නිදහස ගේන්න ජීවිත පරිත්‍යාගෙන් සටන් කරපු ඔවුන් අද අසරණ වෙලා. මේ කතාව කියවලා බලන්න. අැත්තටම අපි ඔවුන්ට කළගුණ සලකලාද කියලා.

මම ගලේවෙලින් යාපනය බස් රථයට ගොඩ වුනේ සුපුරුදු නිවාඩුව අවසන් වී පුරුදු කදවුරට වාර්ථා කිරීමට වුනත් ටික දුරක් යන්නට මත්තෙන් සෙනග පිරුනු බස් රථයට කකුලක් අහිමි වූ පුද්ගලයෙක් ගොඩ වුවද ඔහුට අසුනක් නොලබුනේ දුර ගමන් යන මිනිසුන් එහි සිටි නිසා වෙන්නති.

ඔහුගේ අහිමි කකුලට බොරු කකුලක් දමා තිබුනු අතර අතෙහි ආදාරකයක් විය.

ඒ අතර බස් රථයේ කොන්දොස්තර මහතා ඒ අසලට ආ විට ඔහු ආබාදිත රණවිරු පාස් එකක් ඉදිරිපත් කලත් කොන්දොස්තර මහතාගේ වචනය වූයේ මේක දුර ගමනක් යන බස් එකක් මහත්තයා සීට් දෙන්න විදියක් නම් නෑ.

අනික පාස් වලට යන්න බෑ මහත්තයා සල්ලි ගන්න.

ඔහු ගේ දෙනෙත් බිමට බර විය..

ඒ වචන අසා සිටි මල්ලිලා කිහිප දෙනෙක් ඔහු වෙනුවෙන් කතා කරන්නට විය.

ඔවුන් කොන්දොස්තර මහතා සමග රණ්ඩු වූ අතර ඔවුන් විසින් ආබාදිත පුද්ගලයා වෙනුවෙන් ටිකට් පත් කීපයක්ම ගන්නට විය.

මමත් හමුදා කාරයෙක් ඒ අසරනකම මතම මම ඔහුට කතා කර මගේ ආසනය ඔහුට ලබා දුනි. ඒ යුදබිමේ මතකයට ආබාදිත වූ මගේම සහෝදර සෙබලෙකු වෙනුවෙනි.

බස් රථය තුල අසුන්ගත් ඔහු කීවේ

“අපිට අපි විතරයි මචං”

උපුටා ගැනීම – Janith Kumarasinghe


News Articles
Latest Videos
Most Popular Post