News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

පිටිය මැදදී රණ්ඩු වුන කෝලී දික්වැල්ලගේ හොඳ කියයි.

1602 Views


පිටිය මැදදී රණ්ඩු වුන කෝලී දික්වැල්ලගේ හොඳ කියයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි ටෙස්ට් තරඟයේදී දික්වැල්ල ඉන්දියාව එක්ක කොක්කක් දාගත්තා මතක අැති. දික්වැල්ල වෙලාව කනවා කියලා තමයි මේ රණ්ඩුව අැති වුනේ. දික්වැල්ල, මොහොමඩ් ෂමී සහ කෝලි අතර උණුසුම් වචන හුවමාරුවකුත් වුනා.

එ් ගැන රසල් අානෝල්ඩ් වගේම මහේල ජයවර්ධනත් දික්වැල්ලට හොඳ කිව්වා. විරාත් කෝලිත් දෙවෙනි ටෙස්ට් තරඟයට කලින් තිබ්බ මාධ්‍ය හමුවේදී මේ ගැන කතා කරා. හැමෝම පුදුම කරමින් ඔහුත් දික්වැල්ලගේ ක්‍රියාව අගය කරා. “මේ ගැන අපි ගුවන් යානයේදීත් කතා වුණා. මගේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න මා ඕනෑම දෙයක් කරනවා. උණුසුම් අවස්ථා අැති වෙනවා. එ්ක් එ්වා පිටිය මැදදිම එ් දේවල් අවසන් වෙනවා. ඕනෑම ප්‍රතිවාදියෙකුට අපි ගරු කරනවා. පුංචි ක්‍රීඩකයෙකු වුනත් ඔහු අාක්‍රමණශීලී වගේම ධෛර්ය සම්පන්නයි. එය දිගටම පවත්වාගෙන යාම ගැන ඔහුට ගෞරවය හිමිවිය යුතුයි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දේවල් ටිකක් කරාවී. ” කියලයි විරාත් කෝලි කිව්වේ.

ක්‍රික්බස් වෙබ් අඩවියට දික්වැල්ල මේ ගැන අදහස් දක්වලා තිබ්බා. “මම හිතන්නේ එ් වැඩේ නිසා ඔවුන්ට පන්දුවාර 2 ,3 ක අහිමි වුනා” කියලයි දික්වැල්ල කිව්වේ.

 


News Articles
Latest Videos
Most Popular Post