News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

“ඔව්, මං පිටිය මැදදී එහෙම කරා” – දසුන් ශානක වරද පිළිගනී.

2128 Views


“ඔව්, මං පිටිය මැදදී එහෙම කරා” – දසුන් ශානක වරද පිළිගනී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වෙද්දී ඉන්දියාවේ නාග්පුර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඊයේ තිබුන තරඟයේදී පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට තහවුරුවීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට දඩ පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ ගැන දසුන් ශානක එයාගේ වරද පිළිගෙන තියෙනවා. ඒ අනුව දසුන්ට තරඟ ගාස්තුවෙන් 75% ක දඩයක්, ජගත් ක්‍රිකට් කවුන්සිලට ගෙවන්න වෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය තමයි අද. ඊයේ තරඟය නතර කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 312ක් ලබාගෙන හිටියා. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 205ට වඩා ඉන්දීය කණ්ඩායම මේ වෙද්දී ලකුණු 107ක් ඉදිරියෙන් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post