News Line| Off Air
Generic placeholder image

Nov
26

2017 දෙසැම්බැර් 31 ට කලින් සුනාමියක් එනවද? – මහාචාර්යවරයා ඒ ගැන හෙළිකරපු ලියුම මෙන්න.

5674 Views


2017 දෙසැම්බැර් 31 ට කලින් සුනාමියක් එනවද? – මහාචාර්යවරයා ඒ ගැන හෙළිකරපු ලියුම මෙන්න.

පහුගිය සැප්තැම්බර් මාසේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාට ලැබුණා කියන ලියුමක් ගැන සමාජ ජාල මාධ්‍ය වල ආන්දෝලනාත්මක කතාබහක්‌ ඇතිවුනා. ලියුමේ තිබුනේ 2017 වසර ඉවරවෙන්න කලින් ඇති වන මහා භූ කම්පනයක්‌ හා සුනාමියක්‌ ගැන. මේ තියෙන්නේ ඒ ලියුම.

ගරු අගමැතිතුමනි,

2017 දෙසැම්බැර් මස 31 වැනි දිනට පෙර ඉන්දියානු සාගරයේ මහා භූ කම්පනයක්‌ සිදු වන්නට නියමිතය. මෙම මහා භූ කම්පනයෙන් ආසියානු මහද්වීපයට අයත් සියලු වෙරළ තීරයන්ට මහත් බලපෑමක්‌ එල්ල වනු ඇත. තව ද මෙම භූ කම්පනයේ බලපෑම ඉන්දියාව, චීනය, ජපානය, පාකිස්‌තානය, නේපාලය, බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව, ඇෆ්ගනිස්‌ථානය හා ශ්‍රී ලංකාව යන රටවල් හැම එකකටම බලපානු ලබනු ඇති අතර, එයින් නොනැවතී ගල්ෆ් කලාපයේ රටවල් බලා ද මෙහි බලපෑම විහිදී යනු ඇත.

පැයට කිලෝමීටර් 120 ත් 180 ත් අතර වේගයකින් හමා යන ෂීශ්මා කුණාටුව ද මෙකී කාලසීමාව තුළ බලාපොරොත්තු විය හැකි අතර අධික වර්ෂාව ද සමඟ සුනාමි රළ ද මතුවිය හැකිය.

මෙකී නිරීක්‌ෂණයන් කරන ලද්දේ ප්‍රගුණ කළ ඓන්ද්‍රීය සංජානනය මඟිනි.

ස්‌තුතියි,
මෙයට අවංක,
බාබු කාලයිල්.

බාබු කාලයිල් කියන්නේ ඉන්දියානු මහාචාර්යවරයෙක්. ඔහු ඓන්ද්‍රීය සංජානනය පිළිබඳ පර්යේෂණ කරන කේරලයේ B’ K’ Research Association for E’S’P හි පර්යේෂකයෙක්. මේ ඉන්දියානු මහාචාර්යවරයා එයාගේ ඓන්ද්‍රීය සංජානන බලය භාවිතයෙන් අනාවැකි කීමේ හැකියාව ගැන ඉන්දියානු මාධ්‍ය නාළිකාවකට විස්‌තරයක්‌ ද දීල තිබුනා.

ඒ වැඩසටහනේදී ඔහු කිව්වේ “මට එවැනි දර්ශනයක්‌ පේන්න කලින් මගේ මොළයත් ශරීරයත් අධික ලෙස රත්වෙනවා. මට එක දිගට රූප රාමු වැලක්‌ පේන්න පටන් ගන්නවා. හරියටම චිත්‍රපටියක දර්ශන වගේ ඒ දර්ශන පෙළ පැහැදිලියි. ඒ ආකාරයෙන් තමයි මම සුනාමිය පිළිබඳ සිදුවීමත් දැක්‌කේ. මගේ මනස මෙහෙයවලා ඒ සුනාමියෙන් සිදුවන බලපෑම පිළිබඳව මම වැඩිදුර විස්‌තර අනාවරණය කරගත්තා”.

ඔහු මේ ප්‍රබල භූ කම්පනයක්‌ පිළිබඳ ලියුම ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතාට එවලා තියෙන්නේ පසුගිය සැප්තැම්බරයේදී. රටවල් එකොළහකට බලපාන දැවැන්ත සුනාමියක්‌ ගැන කියෑවෙන මේ ලියුම එතැන් පටන් ඒ රටවල් වල මිනිසුන් නොසන්සුන් කරවන්නටත්, ලොව කළඹන්නටත් පටන් ගත්තා. ක්‌ෂේත්‍රයට අදාළ විද්වතුන් හා ආයතන මේ පිළිබඳව අදහස්‌ දක්‌වන්නට පටන් ගත්තේ ඒ නොසන්සුන්භාවයත් එක්ක.

ඉන්දියානු සාගරයේ හටගන්නා මහත් වූ භූ කම්පනයකින් හා සුනාමියකින් ආසියාතික රටවල් එකොළහක්‌ විනාශ වෙනවා කියන මේ මතය ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විසින් දැඩිව ප්‍රතික්‌ෂේප කරනවා. එරට ජාතික කාලගුණ මෙහෙයුම් සහ භූ භෞතික විද්‍යා මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂක ආචාර්ය මොහොද් හිෂාම් මොහොමද් අනිප් කියන්නේ එවන් ව්‍යසනයක්‌ සිදුවන බව තහවුරු කෙරෙන කිසිම විද්‍යාත්මක සාධකයක්‌ නැහැ කියලයි. ඒ වගේම භූමි කම්පාවක ක්‍රියාකාරීත්වය මාස ගණනකට පෙර ප්‍රකාශ කළ හැකි අන්දමේ තාක්‌ෂණයක්‌ දැනට ලෝකයේ කොතැනකවත් සොයාගෙන නැති බවත් ඔහු කියනවා.

“දැනට තියෙන්නේ භූමි කම්පාවක්‌ සිදුවන්නට ආසන්න කාලයකදී එය සිදුවෙන දිනය ප්‍රකාශ කිරීමේ තාක්‌ෂණයක්‌ පමණයි. මාස ගණනකට කලින් භූමි කම්පාවක ස්‌වරූපය, එය බලපාන රටවල් ආදී හැම එකක්‌ම කියන්න පුළුවන් විදිහේ තාක්‌ෂණයක්‌ තාමත් ලෝකෙ කෙහෙවත් නෑ”.ඉන්දියානු සාගරයේ යම් තැනක අවුරුද්ද අවසානයේදී භූ කම්පනයක්‌, සුනාමියක්‌ කුණාටුවක්‌ ඇතිවන බව අවුරුද්ද මැදදී කිව හැකි කිසිම විද්‍යානුකූල උපකරණයක්‌ නෑ. බාබු කාලයිල් මේ අනාවැකි විදිහට ප්‍රකාශ කරන්නේ ඔහුගේම හිතලුවක්‌”.

මැලේසියාවේ සාබාන් විශ්වවිද්‍යාලයේ, ස්‌වභාවික ව්‍යසන පර්යේෂණ මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‌ෂක මහාචාර්ය ෆෙලික්‌ස්‌ ටොන්ග්කුල් කියන්නේ සුනාමිය හා භූ කම්පනය ගැන කියන මේ විස්තරය පිළිගතහැකි විද්‍යානුකූල තහවුරු කිරීමකින් තොරයිකියලා. කිසිම ආකාරයකින් පර්යේෂණයක්‌ නොකර මේ වගේ ප්‍රකාශ නිකුත් කරන්නේ කොහොමද කියල ඔහු ප්‍රශ්න කරනවා. ඉන්දියානු විද්‍යාඥයාව ඔහු විවේචනය කරන්නේ නැහැ. ඒත් නිසි තහවුරු කිරීමක්‌ නොමැතිව සමාජ ජාලවල පතුරුවා හැරෙන මෙබඳු පුවත් නිසා ජනතාව බියට පත්විය හැකි බව ඔහු පවසයි. මෙතෙක්‌ එවැනි දෙයක්‌ විද්‍යාත්මකව තහවුරු වී නැති නිසා අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා කියලා තමයි ඔහු ජනතාවට කියන්නේ.

එහෙත් මීට දවස් කිහිපයකට කලින් ඉන්දියානු ටිබෙට්‌ දේශ සීමාවේ ඇතිවුණු රිච්ටර් මාපක 6.9 ක ප්‍රබල භූ කම්පනය හේතුවෙන් බාබු කාලයිල්ගේ අනාවැකිය සාර්ථක වෙයිද කියලා මිනිස්සු අතර ආපහු බයක් පැතිර යනවා. ඒ කොහොම වුනත් අපි ඔබට කියන්නේ පිළිගත්ත සාක්ෂි නැතුව කියන මේ වගේ දේවල් වලට රැවටෙන්නේ නැතුව, පිළිගත් ආයතනයකින් නිකුත් කරන නිවේදන ගැන විතරක් සැලකිලිමත් වෙන්න කියලා. මොකද සමාජ ජාල වල යන හැම දේම ඇත්ත නෙමෙයි.


News Articles
Latest Videos
Most Popular Post