News Line| Off Air
Generic placeholder image

Dec
13

රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය වරුණ ප්‍රියන්තට

380 Views


රංජිත් සොයිසාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය වරුණ ප්‍රියන්තට

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාල ගැසට් නිවේදනය ඊයේ රාත්‍රි නිකුත් කර ඇති අතර රංජිත් සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වෙත දැනුම් දුන්නා.
ඒ අනුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා විසින් වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා එම මන්ත්‍රී ධුරය සඳහා නම් කරමින් කොමිෂන් සභාවට වාර්තා කර තිබුණු අතර ඉන් අනතුරුව වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post