News Line| Off Air
Generic placeholder image

Nov
27

අද ලැබීමට සාපේක්ෂව වියදම් ඉහල යන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1662 Views


අද ලැබීමට සාපේක්ෂව වියදම් ඉහල යන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 27 සඳුදා

රාහු කාලය: පෙ.ව 07.33 සිට 09.01

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

 

 

මේෂ ලග්නය

කලාකාමී කටයුතු වලට යහපත්. දියරමය දේ අලෙවි කිරීම ආදී දේවලින් කොමිස් මුදල් හිමි වීම ආදී කටයුතු වලින් වාසනාව ශක්තිය උදා කර ගැනීමේ හැකියාව ඉඩකඩ වෙන් වෙලා පවතිනවා. පාරිසරික කටයුතු පිලිබදව ඇල්මක් උනන්දුවක් දක්වනවා. මව්පස ඥාතීන්ගේ කටයුතු වලට වැඩි කාලයක් වෙන් කරනවා. වෘත්තිමය කටයුතු වලට දියුණුවක් අපේක්ෂා කරනවා. තමන්ගේ නිවාස ආශ්‍රිත ප්‍රදේශ වලට කලබල කම්කටොලු ආශ්‍රිත ස්වභාවයක් ඇතිවීමේ ඉඩකඩක් ඇති වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                 ජය අංකය: 07

වෘෂභ ලග්නය

තමන්ගේ ශක්තිය වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. තමන්ගේ පෞරුෂය දියුණු වෙනවා. අන් අයත් සමග මිත්‍ර ලීලාවෙන් කටයුතු කිරීමේ හැකියාව උදා වෙනවා. වෘත්තිමය කටයුතු වලදී අන් අයගේ උපකාර හිමි වෙනවා. තමන්ගේ ක්‍රියාකාරකම් සමාජයට දායාද කිරීමේ හැකියාව ලැබෙනවා. තමන්ගේ ගෞරවය ධනය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපනික කටයුතු වලට නම් පුංචි පුංචි බාධා එල්ල වේවි. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණය කිරීමේ හැකියාව පවතිනවා. ආගමානුකුල කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. මව්පස ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 07

මිථුන ලග්නය

වාග් ශක්තිය ඉතාමත්ම උසස් මට්ටමක පවතිනවා. නමුත් ඔබගේ වචන නිසා අන් අයගේ සිත් රිදවීම් ඇති වෙනවා. කල්පනාකාරීව ඉවසිලිවන්තව කටයුතු කරන්න. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. පපුව ආශ්‍රිත රෝග තත්ව තිබුණානම් ඒවා දුරු කරගන්න හැකි වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. ක්‍රිඩාශීලි කටයුතු සමාජශීලි කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. කාන්තා පාර්ශවයේ ඥාතීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. ගෘහ ජීවිතය ආශ්‍රිතව තරමක බාධා ඇති වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                      ජය අංකය: 03

කටක ලග්නය

පපුව ආශ්‍රිත පුංචි පුංචි කැක්කුම් ආශ්‍රිත රෝග තත්ව කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. කරන කියන වැඩ කටයුතු ජවසම්පන්නව කරන්න හැකියාව පවතිනවා. තරමක ආවේගශීලි ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අන් අය වෙනුවෙන් පෙනී සිටීමට හැකියාව ලැබෙනවා. අන් අයගේ කටයුතු වෙනුවෙන් මැදිහත් වෙනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. හිතට යම් ආකාරයක දුකක් සංකාවක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. ගෘහ ජීවිතය ආශ්‍රිත පුංචි පුංචි බාධා ඇතිවීමේ ඉඩකඩ අධිකයි. කායික ශක්තිය යහපත් මට්ටමක පැවතුණත් මානසික ශක්තිය දුර්වල වීම නිසා වෙහෙසකර ගතියක් ඇති වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                          ජය අංකය: 01

සිංහ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා අන් අය උදෙසා මහන්සි වීමෙන් කරන කටයුතු වලට වැඩි වශයෙන් කාලය මිඩංගු කරනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. ලාභ ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. එවැනි කටයුතු වලින් යම් ආකාරයක වෙහෙසකර ගති ලක්ෂණ ඇති වෙනවා. නිතිය සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. අනුන්ට උපකාර කිරීමෙන් තමන්ට අවාසි සහගත තත්වයක් ඇති වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. නිවාස ආශ්‍රිත කටයුතු තමන්ට දියුණු කරගත හැකි වෙනවා. වාග් ශක්තිය යහපත් වුනත් වචන භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 05

කන්‍යා ලග්නය

ජවසම්පන්නව කටයුතු කරන්න හැකියාව වාසනාව පවතිනවා. නමුත් ඉවසිලිවන්තව කටයුතු නොකලත් වාසනාවන්ත බොහෝ දේවල් ඔබට මගහැරී යන්න පුළුවන්. තමන්ගේ මානසික මට්ටම යහපත්ව පවත්වා ගෙන යාම වඩාත් වැදගත් වෙනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. සංචාරක කටයුතු කය වෙහෙසා කරන කටයුතු පහසුවෙන් සාර්ථක කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. වචන භාවිත කිරීමේ පරිනතභාවය මුල් කරගෙන ඇති වෙන්න පුළුවන් බාධක මග හරවා ගත හැකියි. ඉවසිලිවන්ත වෙන්න. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: රෝස පැහැය             ජය අංකය: 08

තුලා ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු වලට වෙනදට වඩා වැඩි කාලයක් ඔබට වැය වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති වෙනවා. දණහිස ආශ්‍රිත රෝගී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. තමන්ගේ ලේ හුරු ඥාතීන්ට ලෙඩ රෝග ඇතිවිය හැකියි. අධික ලෙස කාර්යබහුල වෙනවා. වෘත්තිමය කටයුතු දියුණු වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ඉවසිලිවන්තව කටයුතු කරන්න. අධ්‍යාපනික කටයුතු වල උසස් වීමක් ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා දම් පැහැය                          ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

පෙර පින ඉස්මතු වෙනවා. උදව් උපකාර බලාපොරොත්තු වුනොත් ඒවා ලැබෙනවා. මව්පස ඥාතීන්ගේ කටයුතු වලට කාලය වැය කිරීමට සිදු වේවි. වෘත්තිමය කටයුතු වල යම් ආකාරයක බාධා ඇති වෙනවා. ගමන් බිමන් බහුලයි. ආගමානුකුල පරිසර වලට යන්න එන්න සිදු වෙනවා. වෘත්තිමය වෙනස් වීම් අපේක්ෂා කරනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව, ගුප්තමය ගති ලක්ෂණ ඇති වෙනවා. චිත්ත පීඩා ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා සුදු පැහැය                         ජය අංකය: 03

ධනු ලග්නය

කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ගමන් බිමන් වලින් අතුරු ආන්තරා ඇති වීම සිදු වෙනවා. වැටීම් තැලීම් තුවාල වීම් වුවත් ඇති වෙන්න පුළුවන්. තීන්දු තීරණ ගන්නකොට යනකොට එනකොට ප්‍රවේසම් වන්න. කායික ශක්තිය දුර්වල වෙනවා. වාග් ශක්තිය දුර්වල වෙනවා. සමාජයේ ගෞරවය යම් ආකාරයකට හානියකට පත් වෙනවා. අසල්වාසීන්ගෙන් මව්පස ඥාතීන්ගෙන් උපකාර ලබා ගැනීම ඉහලයි. ඉවසිලිවන්තව කටයුතු කරන්න. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා. අලුත් වගකීම් පැවරේවි.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 07

මකර ලග්නය

රැකිරක්ෂා වෙළදාම් ආශ්‍රිතව දියුණුවක් ඇතිවිය හැකියි. ලැබීමට සාපේක්ෂව වියදම් ඉහල යනවා. මානසික මට්ටම යම් ආකාරයක ගැටළු මතු වෙනවා. හවුල් ව්‍යාපාර වලින් පාඩු ඇති වෙනවා. සියුම් සතුරු කරදර ඇති වෙනවා. රහසිගත සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. තමන් තුල තියෙන පරිපාලනමය ඥාන ශක්තිය වඩාත් වැදගත් ආකාරයට යොදවන්න. කලාකාමී කටයුතු නිර්මාණශීලි කටයුතු පොත්පත් දැනුම මුල් කරගත් කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණ අත් කර ගත හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 06

කුම්භ ලග්නය

ඔබේ සිතුවිලි වර්ධනය කර ගන්න හැකියාවක් තියෙනවා. බාධා කම්කටොලු දුරුකර ගත හැකියි. ගමන් බිමන් යාම් වලින් වාසනා ශක්තිය උදා කර ගන්න පුළුවන්. පියපස ඥාතීන්ගෙන් වැඩිහිටියන්ගෙන් යමක් දිනා ගන්න හැකි වෙනවා. කලාකාමී කටයුතු තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු සන්නිවේදන කටයුතු දියුණු කර ගැනීමේ හැකියාව පවතිනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් වාසි සහගත තත්වයන් ඇති වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලදී කල්පනාකාරී වන්න. සතුට පිරුණු දවසක්.

ජය වර්ණය: ලා කොළ පැහැය                    ජය අංකය: 09

මීන ලග්නය

කලාකාමී කටයුතු සන්නිවේදන කටයුතු සිත සමබන්ධ කටයුතු දියුණු කරගත හැකි වෙනවා. අසල්වාසීන්ගෙන් උදව් උපකාර හිමි වෙනවා. කරන කියන කටයුතු වලදී දුකක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. අන් අයගේ උදව් බලාපොරොත්තුවෙන් කරන කටයුතු සාර්ථක වෙනවා. අන් අයව විශ්වාස කරලා කටයුතු කිරීමේදී ප්‍රවේසම් වෙන්න. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇති විය හැකියි. වැටීම් තැලීම් තුවාල වීම ඇතිවිය හැකියි.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                   ජය අංකය: 09

 

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post