News Line| Off Air
Generic placeholder image

Nov
27

ඉන්දියාව ශතක වලින් ලංකාවට පහර දෙයි. දික්වැල්ලගේ පලිය කෝලි ලංකාවෙන්ම අර ගනී.

1643 Views


ඉන්දියාව ශතක වලින් ලංකාවට පහර දෙයි. දික්වැල්ලගේ පලිය කෝලි ලංකාවෙන්ම අර ගනී.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟය මේ දවස්වල පැවැත් වෙනවා. අද තරඟයේ 4 වෙනි දවස. මුලින්ම ලකුණු රැස් කරපු ලංකාව පළවෙනි ඉනිමට ලකුණු 205 ක් ලබා ගත්තා. දිමුත් ලකුණු 51 යි. නායක චන්දිමාල් ලකුණු 57 ක් රැස් කරා. රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 4 ක් දවා ගත්තා. ෂාමා සහ ජඩේජා කඩුලු 3 බැගින් දවා ගත්තා.

ඉන්දියාව පළවෙනි ඉනිමට දැවැන්ත ලකුණු 610 ක් ලබා ගත්තා. එ් කඩුලු 6 ක් විතරක් බිද වැටිලා. ඉන්දීය ඉනිමේ දිත්ව ශතකයක් සහ ශතක 3 ක් වාර්තා වුනා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල කෝලි වේගවත් ලකුණු 213 ක් රැස් කරා. එ් 4 පහර 17 ක් සහ 6 පහර 2 ක් සමඟින්. මුරලි විජේ ලකුණු 128 යි. පුජාරා ලකුණු 143 කට දැවී ගියා. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 102 යි. දිල්රුවන් කඩුලු 3 ක් දවා ගත්තා. එ් වුනත් ඔහුගෙන් ලකුණු 202 ක් උදුර ගන්න ඉන්දීය පිතිකරුවෝ සමත් වුණා. ළහිරු ගමගේ, රංගන හේරත් සහ දසුන් ශානක එක කඩුල්ල බැගින් දවා ගත්තා.

දෙවෙනි ඉනිමට ලංකාව ලකුණු 404 ක් පිටි පස්සෙන් ඉඳන්. පළවෙනි ඕවරයෙන්ම සදීර ලකුණු නොලබා දැවී ගියා. ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාව එක කඩුල්ලක් දැවී ලකුණු 21 ක් ලබා ගෙන හිට්යා. ලංකාව තාමත් ඉන්දියාවේ පළවෙනි ඉනිමට වඩා ලකුණු 381 ක් පිටිපස්සෙන් ඉන්නෙ. තරඟය ජයග්‍රහණය කරන්න නම් ලංකාවට එ් ලකුණු 381 ට අමතරව තවත් ලකුණු 250 ක් වත් ලබා ගන්න වෙනවා. එ් නිසා ලංකාවේ පිතිකරුවන්ට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. ලංකාවේ ක්‍රීඩකයෙක්ට අනිවාර්යෙන් දිත්ව ශතකයක් ලබා ගන්න වෙනවා. එ් වගේම තවත් ක්‍රීඩකයන් 4 දෙනෙක්වත් ශතක ලබා ගන්න ඕන. අපි බලමු ලංකාවට මේ දැවැන්ත අභියෝගය ජය ගන්න පුළුවන්ද කියලා.


News Articles
Latest Videos
Most Popular Post