News Line| Off Air
Generic placeholder image

Nov
27

හිස පසාරු කරගෙන ගිය යකඩ බටය විස්මිත සැත්කමෙන් ඉවත් කල හැටි. – PHOTOS

1512 Views


හිස පසාරු කරගෙන ගිය යකඩ බටය විස්මිත සැත්කමෙන් ඉවත් කල හැටි. – PHOTOS

හදිසි අනතුරු වලින් අපිට වෙන කරදරයකදී  ඉක්මනටම ඒ ලෙඩාව ලඟම ඉස්පිරිතාලෙට අරගෙන ගිහින් බේරගන්න තමයි අපි උත්සහ කරන්නේ. ඒ වුනත් ලෙඩාට වෙලා තියෙන අනතුරේ බරපතලකම අනුව ලෙඩාගේ තත්වේ හොඳ අතට ගන්න දොස්තරලටත් දැඩි වෙහෙසක් ගන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ අපි කියන්න යන්නෙත් ඉතා අසීරු සැත්කමක් කරලා ලෙඩෙක්ව බේරගත්ත දෙවිවරු පිරිසක් ගැන. මේ තොරතුර අපට වාර්තා වෙන්න මහනුවර මහා රෝහලෙන්.

හිස් කබල පසාරු කරගෙන ගිහින් තිබුණු යකඩ බටයක් පැය 6ක කාලයක් කළ සැත්කමකින් සාර්ථකව අයින් කරන්න මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වෙලා තියෙනවා.

බිබිල ඉඟිනියාගල පදිංචි වෙලා හිටපු කාන්තාවකට නිවෙසේ තිබූ බඳින තුවක්කුවක් පත්තුවෙලා. ඊට පස්සේ ඒකේ ඉදිරිපස තිබුන යකඩ බටයක් තුවක්කුවෙන් ගැලවිලා ගිහින් විසිවෙලා වැදිලා තියෙන්නේ කාන්තාවගේ හිසට. මේ නිසා හිස පසාරු කරගෙන යකඩ බට කොටස හිසේ ඇතුලටම ගිහින් තියෙනවා.

බරපතළ තත්ත්වයෙන් හිටපු 33 හැවිරිදි කාන්තාව බිබිල මූලික රෝහලට ඇතුළත් කරලා තමයි මූලික ප්‍රතිකාර ලබා දීල තියෙන්නේ. ඊට පස්සේ වැඩිදුර ප්‍රතිකාර වලට් මහනුවර මහ රෝහලට මාරු කරලා එවලා තියෙනවා. එහිදී විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් කළ විශේෂ සැත්කමකදී මේ යකඩ බටය හිසින් ඉවත් කරලා තියෙනවා. පහතින් තියෙන්නේ ඒ සැත්කමේ විශේෂ අවස්ථා.


News Articles
Latest Videos
Most Popular Post