News Line| Off Air
Generic placeholder image

Nov
28

අද කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරලා ජයගන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1848 Views


අද කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරලා  ජයගන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 28 අඟහරුවාදා

රාහු කාලය: ප.ව 02.54  සිට 04.23

සුභ දිශාව: ඊසාන

 

 

මේෂ ලග්නය

විශේෂයෙන් තමාගේ සෞඛ්‍ය ගැන හිතන්න ඕන. තමාගේ පවුල අම්මා තාත්තා දරු මුණුබුරන් ගැන අවධානයක් යොමු කරන්නට ඕන. මනා අවංකභාවය යුක්ති සහගත තීරණ ගැනීමේ හැකියාව නීතියට අනුව කටයුතු කිරීම සොරකම පිටු දැකීම මනා එඩිතරභාවය අන් අයට කැපී පෙනෙන ලෙස ජිවත් වීමෙන් ඉතා ඉහල මට්ටමකට යනවා. ස්වාධින ලෙස සිතා නොදන්නා දේවල් දන්නා අයගෙන් අහල බලල තීරණ ගන්න. ඔබගේ රැකියාව ආදායම තුල යම්කිසි ගැටළුවක් තියෙනවානම් ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුභ දිනයක්.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 03

වෘෂභ ලග්නය

ආගමනුකුල කටයුතු වලින් දවස පටන් ගන්න. මල් වැවීමට අලංකාරයට කැටයම් කලාවට සුක්ෂම වැඩ කටයුතු කරන්නට සංගීතයට නර්තනයට වාදනයට රගපෑමට දක්ෂ අය ඒ විතරක් නෙමෙයි ඕනෑම ආරවුලක් මැ ඩ පවත්වා මනා ලෙස ඒක විසදා ගැනීමට ශක්තිය තියෙන කෘෂි කර්මයට කැමති වුද කාර්මික ඥානය තියෙන අය. අද මේ තත්ව දෙගුණ තෙගුණ වෙන දවසක්. මංගල කටයුතු සහ ඒවා ප්‍රමාද වුණු අයටත් අද කදිම දවසක්. විවාහ ප්‍රමාදය විවාහ ආරවුල්භාවය ඉවර කරගන්න පුළුවන් දවසක්. ඥානය ප්‍රඥාව දෙගුණ තෙගුණ වන දවසක්.

ජය වර්ණය: දම් පැහැය                  ජය අංකය: 01

මිථුන ලග්නය

ඔබට මනා ඉවක් ඇති වෙනවා. සියලුම අය තේරුම් බේරුම් කරගත හැකි වාසනාව උදා වෙනවා. නිර්මාණකරණයට චින්තන ශක්තියට නවකතා කෙටි කතාකරණයට මුද්‍රිත ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්‍යට චිත්‍රපටිකරණයට උත්පත්තියෙන්ම දක්ෂ අය කාර්මික තාක්ෂණ දැනුමත් මේකට මිශ්‍ර කරපු අය මනා ලෙස ආදායම් තත්වය ඉහල යන දවසක්. විදේශ ඇබෑර්තු වලට ඉල්ලුම් කිරීමට විදේශගත වීමට විදේශ භාෂා හදාරන්න කදිම දවසක්. සම්මුඛ පරීක්ෂණයකට ගියොත් එය සමත් වීමේ භාග්‍ය උදා වෙනවා. ගෙයක් දොරක් ඉඩමක් රථවාහනයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න යන්නත් ඉතා කදිමයි.

ජය වර්ණය: ලාකොළ පැහැය                   ජය අංකය: 09

කටක ලග්නය

ඔබට යහපත් සිතක් ඇති බව කරුණාව දයාව පිරිනමන ශක්තිය යහපත් වචනය ඒ වගේම වගකීම් දැරීමට ඉදිරිපත් වීම ලැබීම ගාම්භීර ගෞරවනීය ලෙස කටයුතු කිරීම ප්‍රමාද නොවී අනලස්ව කටයුතු කිරීමෙන් බලය ශක්තිය යන ආදිය අද ඉතා ඉහල මට්ටමකින් යන ස්වභාවයක් පවතිනවා. ඕනාවට වඩා හිතනවා. ඒ තත්වය යටපත් කර වගකීම් දැරීමේ ශක්තිය වැඩි කරගන්න. දේපොළ ලැබීම නිශ්චල චංචල දේපොළ ලැබීමට වාසනාව උදා වෙනවා. මව්පිය දේපොළ ලැබීම උදා වෙනවා. ගෙදරදොර දරුවන් මව්පියන් නෑදෑයන් හිතවතුන් ගැන හොයලා බලන්න කදිම දවසක්. දුරසිට පැමිණෙන ඥාතීන් පිළිගන්න සිදු වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                            ජය අංකය: 08

සිංහ ලග්නය

අධීක්ෂණයට පාලනයට ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව ආදර්ශමත්භාවය විනයානුකුලව ජිවත් වීම වැනි දේවල් උප්පත්තියෙන්ම තියෙනවා. තරමක් වේගවත්ව අන් අය අභිබවා කටයුතු කිරීමේ භාග්‍ය ඔබට තියෙනවා. ඔබට අද දුරගමන් කෙටි ගමන් තුලින් වැදගත් ඒ වගේම සමාජයේ උසස් අය හමුවීම සහ සාකච්චා පැවැත්වීම ඔබගේ කල්‍යාණ මිත්‍රයන් බවට පත්වීමේ භාග්‍ය තියෙනවා. කලාත්මක හැගීම් නිර්මාණය වෙනවා. ඔබ තරමක් ආඩම්බරයි. නිතරම සිත උණුසුම් ලෙස හැගීම් අරගෙන යන්න මතක තියා ගන්න. ගංගා ඇලදොළ මුහුදේ ස්නානයෙන් වලකින්න. කල්පනාවෙන් වැඩ කටයුතු කරන්න.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 07

කන්‍යා ලග්නය

ලේඛන කලාවට විවිධ භාෂා හැදෑරීමට බාවිතා කිරීමට චතුර ලෙස කතාවට සාමයට නිරවුල්භාවයට තමාගේ වර්ගයාට රටට ආදරේ ඇලුම් කිරීම වැනි ගති ලක්ෂණ තියෙන අය. සුළු අසනිපයකටත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. තරමක මංගල යෝග උදා වෙනවා. ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න සාකච්චා කරන්න සැලසුම් කරන්න ඉතා සුභ දවසක්. ඔබට ඒ සම්බන්ධයෙන් වැඩිහිටියන්ගෙන් නොඅඩුව උපකාර ලැබෙනවා. වචන භාවිතා කිරීමේදී ප්‍රවේසම් විය යුතුයි. ඔබ ජනප්‍රියත්වයට පත් වෙනවා. චිත්ත ප්‍රීතිය ඇති වෙනවා.

ජය වර්ණය: තද කොළ පැහැය                    ජය අංකය: 06

තුලා ලග්නය

උප්පතියෙන්ම මහා පරිමාණ ව්‍යාපාර වලට ජිවිතේ සමතුලිතභාවයට අනවශ්‍ය දේවල් තේරුම් ගෙන ඉවත් වීම මිත්‍යාදෘෂ්ඨික නොවීම උසස් තත්වයක් ඇති අය. ප්‍රඥාව ඇති වෙනවා. සෞඛ්‍ය ගැනත් බලන්නට ඕන. අතරමග නවතා තිබු කාර්යන් නැවත ආරම්භයට කදිමයි. අධ්‍යාපන වැඩ කටයුතු ව්‍යාපාරික වැඩ කටයුතු කාර්යාලයේ වැඩ කටයුතු විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ට අතපසු වුණු වැඩ කටයුතු කරන්න කදිමයි. ඕනෑම දේකට පිළිතුරු සොයා ගැනීමේ භාග්‍ය හිමි වෙනවා. කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන බැවින් ඕනෑම කටයුත්තක් කිරීමේ හැකියාව තියෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                       ජය අංකය: 04

 

වෘශ්චික ලග්නය

 

මනා ඉවක් ඇති වීම වැරදි සඟවා අනුන් පිට පැටවීම යථාර්තය වහා තේරුම් ගැනීම මිත්‍යාව පිටු දැකීම දරුවන්ගේ හා දරුවන්ගේ දරුවන්ට සැබෑ පියෙක් මාතාවක් වීම අනුන්ගේ දුකට පිහිට වීම වෙනවා. සමාජය ඔබ කෙරේ ඉතා ගෞරවයෙන් කටයුතු කිරීමේ අගය තියෙනවා. ඔබගේ යම් ඉලක්කයක් බලාපොරොත්තුවක් තියෙනවානම් අද සමාජයේ උසස් අයගෙන් ඉටු කරගන්න ඉදිරිපත් කරගන්න කතා කරන්න වැඩ කටයුතු සාර්ථක වෙනවා. මව් පිය දරු සෙනෙහස ඉතා ඉහල යන දවසක්. සමාජයේ පැසසුම් හම්බෙන දවසක්.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 04

ධනු ලග්නය

ඕනෑම වැඩක් සැලසුම් කිරීමට මනා ලෙස ජීවිතය කළමනාකරණය කිරීමට අන් අයට ආදර්ශමත් ලෙස දවස ගෙවීම පිනට දහමට නැඹුරු වීම නිවැරදි දර්ශනයක් ඔස්සේ එකතු වීමේ භාග්‍ය හිමි වෙනවා. කුසලතා මතු කරගෙන සමාජයේ අය අතර කැපී පෙනීමේ භාග්‍ය හිමි වෙනවා. ඔබට අද දවසේ ආදායම් මාර්ගය දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. අද ඔබගේ කම්මැලිකම් අලසකම් පිටු දකින්න. ආදායම වැඩි කරගන්න පුළුවන්.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 03

මකර ලග්නය

ඔබගේ වචන ධාරණ ශක්තියට ආත්ම ශක්තියට ගෞරවනීය පැවැත්මක් හිමි වෙනවා. ඔබට මේ තත්වය නිසා සියලුම දෝෂ යටපත් කරගෙන සමාජය තුල කැපී පෙනෙනවා. ආදායම ව්‍යාපාරය ස්වයං ව්‍යාපාරය කාර්යාලීය කටයුතු වලින් කැපී පෙනීමේ භාග්‍ය හිමි වෙනවා. නඩු හබයක් විනය විභාගයක් වැනි දේකට සම්බන්ධ කටයුතු වලින් ඉතා වාසිදායක තත්වයක් උදා වෙනවා. ආගමනුකුලව කටයුතු කරන්න. රාජකාරි තුල උසස් වීම් හිමි වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 03

කුම්භ ලග්නය

අප්‍රමාදව තැනේ හැටියට අව්‍යජවත්වය මතු වෙනවා. මනා ආත්ම ශක්තියක් තියෙන අය. ඕන දුකක් දරන්න පුළුවන් ශක්තිය තියෙනවා. විදේශගත වීමක් හෝ විදේශගත භාෂාවක් හදාරන්න සුභයි. වචන භාවිතා කරන අයට සුභයි. ඉතා සංකීර්ණ විෂයන් සරල ලෙස අන් අයට පහදා දීමේ හැකියාව තියෙනවා. ආර්ථික වාසි හිමි වෙනවා.

ජය වර්ණය: තද නිල් පැහැය                        ජය අංකය: 01

මීන ලග්නය

කෝපයෙන් ද්වේශයෙන් තමාගේ ශරීරයේ උණුසුම් තත්වය වැඩි කරගෙන තීරණ ගන්න සුභ දවසක්. විචක්ෂශීලිභාවය විනිවිදභාවය ගාම්භීරත්වය ප්‍රදර්ශනය කරන්න. සංකීර්ණ විෂයන් ගැඹුරු ලෙස ඔලුවට ගන්නා අය. ශරීර ශක්තිය බුද්ධිය යොදවා කරන කටයුතු සුභයි. කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමෙන් සුභයි.

ජය වර්ණය: තද කහ පැහැය                      ජය අංකය: 01

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post