News Line| Off Air
Generic placeholder image

Nov
28

“ මම කුඩු ගහන කෙනෙක් නෙවෙයි. එයාව හම්බුනොත් කණට ගහනවා” – දසුන් පතිරණ කියයි.

2267 Views


“ මම කුඩු ගහන කෙනෙක් නෙවෙයි. එයාව හම්බුනොත් කණට ගහනවා” – දසුන් පතිරණ කියයි.

අන්තර්ජාලය, Facebook එක කියන්නේ ගොඩක් අයගේ ජිවිත වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් තැනක්. අපි එහෙම කියන්නේ මේ වෙද්දීත් ඒ නිසා සියදිවි හානි කරගැනීම් වගේ දේවල් ලෝකේ වටෙන්ම අපට අහන්න, දකින්න ලැබෙන නිසා.

ජනප්‍රිය පුද්ගලයන්ගේ ජිවිත වලටත් අන්තර්ජාලය, Facebook නිසා ඇතිවන බලපෑමත් මේ වගේම වැඩිවෙලා තියෙනවා. පහුගිය සතියක ජනප්‍රිය නළු දසුන් පතිරණටත් ඒ වගේ ඇබැද්දියකට මුහුණ දෙන්න සිදුවුනා. මේකට හේතුව වුනේ දසුන්ගේ පෙම්වතිය වන හංසි එයාගේ Facebook එකට දාපු Post එකක්. ඉතින් මේ ගැන ඇත්ත විස්තරය දැනගන්න දසුන් එක්ක සති අන්ත පුවත්පතක් සාකච්ඡාවක් කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ සාකච්ඡාව.

* මොකක්ද දසුන් මේ සිදු වූ පටලැවිල්ල?
මමයි මගේ පෙම්වතිය හංසි අතර FB එකේ හුවමාරු වූ Post අරගෙන අන්තර්ජාල වබේ අඩවිවල මඩ ගහන අය කරපු වැඩක් තමයි මේ.

* මොනවාද හුවමාරු වූ Post ?
මම හංසිගෙ FB එකට Post එකක් දැම්මා මගේ ජීවිතේ තියෙන්නේ “Love, Sex, and Drugs” කියලා. එතෙනදී මම Drugs කියලා හැඳින්වූයේ කලාවට. Drugs වලට ඇබ්බැහි වූ අයට ඉන් මිදෙන්න බැහැ වගේ තමයි මමත් කලාවට ඇබ්බැහි වූ කෙනෙක්. ඒකයි මම අදහස් කළේ. මගේ ව්‍යාංගාර්ථ අදහස් හංසි දන්න හින්දයි මම එහෙම දැම්මේ. අනික ඉතින් මටයි මගේ පෙම්වතියටයි FB එක හරහා ඕනෑම අදහසක් කියාගන්න පුළුවන්නේ.

* ඊට පස්සේ?
හංසි මට පිළිතුරු Post එකක් දාලා තිබුණා. ඒත් ඉංග්‍රීසි හරියට දන්නෙ නැති අය ඒක වටහාගෙන තියෙන්නේ. වැරදියට. අනික ඉතින් Gossip කාරයෝ බලාගෙන ඉන්නේ කාටද මඩ ගහන්නේ කියලනේ. ඒ අය හංසිගේ Post එක අරගෙන වැරදි අර්ථ කථනයක් දීලා අන්තර්ජාලයට එකතු කරලා.

* ඒ පුවත නේද දසුන් ගැන වැරදි වැටහීමක් ඇති කළේ?
ඔව්. ඒක දකින අය දන්නෙ නැහැනේ. හංසි මේ Post එක එව්වේ මම දාපු Post එකට උත්තරයක් විදියට කියලා. ඒ පුවත අනුව කෙනෙකුට හිතෙන්නේ මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක් හින්දා මගේ පෙම්වතිය දුක දරාගන්න බැරුව මට දීපු අවවාදයක් කියලා.

* හංසියි, දසුන්ගේ ගෙදර අයයි, යාළු මිත්‍රයොයි ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
මම අරක්කු තියා බියර් එකක් වත් බොන්නේ නැහැ කියලා මාව දන්න අය දන්නවා. ඒත් මගේ රසික පිරිස දිගට හරහට කෝල් කරල අහනවා මම කුඩු ගහනවාද කියලා. කුඩු ගහනව නම් ඒකෙන් මිදෙන්න අවශ්‍ය තැන්වලට යොමු කරන්න පවා සමහරු කතා කළා.

* දසුන් ඒවාට ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?
අන්තර්ජාලයේ සිදුවන දේවල්වලට ප්‍රතිචාර දක්වන්නත් වෙහෙසෙන එක තේරුමක් නැහැ. මා වටා ඉන්න අය මගේ ළඟ ඉන්නවානේ මට ඒ ඇති.

* දසුන් දැන් Music video වල රඟපාන්නේ නැහැ නේද?
අ‍පොයි නැහැ. ඉස්සර Music video හොඳට කෙරුණා. ඒත් දැන් එහෙම නැහැ. දැන් Music video නිර්මාණය අන්තයටම වැටිලා. මෑතකදී දස්සාට (දසුන් නිශාන්ට) අපහාස වන විදියේ Music video එකකුත් කරලා තිබුණා. මම තීරණය කළා දැන් මේවාට පියවරක් ගන්න මම හෝ ඉදිරිපත් විය යුතු බව.

* ඒ සඳහා දසුන් ගන්න පියවර මොකක්ද?
වික්ටර් රත්නායකයන්ට අපහාස වන Music video එකක් කළාම වික්ටර් රත්නායක මහත්තයවත් එයාගේ පුතාලාවත් ඊට විරුද්ධව පියවරක් ගත්තේ නැහැ. දැන් දස්සටත් ඒ දේම කරලා. ඒ නිර්මාණය කළ පුද්ගලයා කොහෙදි හරි මුණගැහුණොත් මම ඒකගේ කම්මුලට ගහනවා. ඊට පස්සෙවත් හැමෝගෙම ඇස් ඇරෙයි.

උපුටාගැනීම: රිද්ම පුවත්පත (2017.11.26)

මේ තියෙන්නේ ආන්දෝලනයට ලක් වුන Facebook Post එක


News Articles
Latest Videos
Most Popular Post