News Line| Off Air
Generic placeholder image

Nov
28

අභ්‍යාවකාශයේ ගුවන් තොටුපොළක් හදන්න රුසියාව සැරසෙයි.

1361 Views


අභ්‍යාවකාශයේ ගුවන් තොටුපොළක් හදන්න රුසියාව සැරසෙයි.

කොලොම්බස් ලෝකය වටේම ගිහින් හැංගිලා තිබ්බ රටවල් හොයා ගත්තා. එත් අද තාක්ෂණයේ දියුණුව නිසා මිනිස්සු හදන්නේ විශ්වය වටේම ගිහින් වෙනත් ග්‍රහලෝක හොයා ගන්න. එ්කේ පළවෙනි යෝධ පියවර තමයි මිනිසා හඳට ගිය එක. හැබැයි මිනිස්සු එතනින් නවතින්න සූදානම් නෑ. තව තවත් විශ්වයේ අෑතටම යන්න තමයි උත්සාහ කරන්නෙ. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය එ්කට ලොකු පන්නරයක් ලබා දෙනවා. එ් වගේ තවත් අපූරු නිර්මාණයක් අභ්‍යාවකාශයේ කරන්න රුසියාව අත ගහලා තියෙනවා.

ඔවුන් අභ්‍යාවකාශ ගුවන් යානා තොටුපොළක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. රුසියානු රජය යටතේ ක්‍රියාත්මක වෙන රොස්කොස්මොස් අභ්‍යාවකාශ අායතනය සහ එරට පෞද්ගලික සමාගමක් වෙන S7 ගුවන් සමාගම එක්ව තමයි මේ ව්‍යාපෘතිය කරන්නේ. අනාගතයේදී අභ්‍යාවකාශයේ ඉඳන්ම අභ්‍යාවකාශ යානා එකලස් කරන්න සහ එ්වාට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න සූදානමින් ඉන්නවා.

එ් වගේම මේ තොටුපොළ කේන්ද්‍ර කරගෙන පෘථිවි කක්ෂයට, චන්ද්‍රයාට සහ අඟහරු ග්‍රහයා වෙත මෙහෙයුම් කරන්නත් සැලසුම් කරනවා. මිනිස්සු විශ්වය වටා රවුම් ගහන කාලය වැඩි අෑතක නෑ කියලයි අපිට නම් හිතෙන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post