News Line| Off Air
Generic placeholder image

Nov
28

වංචා, දූෂණවලට අහුවුන කුමාරවරු කාල්ටන් හෝටලයේ හිරකරලා. – PHOTOS

1671 Views


වංචා, දූෂණවලට අහුවුන කුමාරවරු කාල්ටන් හෝටලයේ හිරකරලා. – PHOTOS

සෞදියේ මේ දවස්වල ලොකු පෙරලියන් වෙනවා. එ් වංචා දූෂණ කරපු රාජ කුමාරවරු, ප්‍රභල ව්‍යාපාරිකයෝ අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. සෞදියේ කිරුළ හිමි රජකුමාරයාගේ මූලිකත්වයෙන් තමයි මේ වැඩේ වෙන්නේ. මීට කලින් අපි ඔබට කිව්වා අත්අඩංගුවට ගත්ත කුමාරවරුන්ව රහස් කඳවුරක කකුල්වලින් එල්ලලා පහර දෙනවා කියලා. හැබැයි එ් කදවුර මොකක්ද කියලා සෞදි රජය කාටවත් කියලා තිබ්බේ නෑ.

හැබැයි අත්අඩංගුවට ගත්ත කුමාරවරුන්ව තරු පහේ සුපිරි හෝටලයක රඳවගෙන ඉන්නවා කියලා සෞදියේ කට කතා පැතිරෙනවා. සෞදියේ රියාද් අගනුවර පිහිටි රිට්ස් – කාල්ටන් තරු පහේ හෝටලයේ තමයිලු ඔවුන්ව රඳවගෙන ඉන්නේ. මේච්චර කාලෙකට කාටවත් එ් හෝටලයට යන්න අවසර දුන්නේ නෑ. ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් කණ්ඩායමකට එ් හෝටලයට යන්න සෞදි රජය අවසර දුන්නා.

දෙස් විදෙස් මාධ්‍යවේදීන් අැතුලත් මේ කණ්ඩායම දැඩි පොලිස් අාරක්ෂාව මැද්දේ තමයි මේ හෝටලයට එක්කගෙන ගිහින් තියෙන්නේ. හැබැයි ඔවුන්ට හෝටලය අභ්‍යන්තරයේ කිසිම ඡායාරූපයක් හෝ වීඩියෝවක් අරගන්න අවසර දීලා නෑ. එ් වගේම හෝටලයේ හිටිය සෞදි අාරක්ෂක නිලධාරීන්ගේ ප්‍රකාශ පටිගත කර ගන්න දීලත් නෑ. කොහොම වුනත් මාධ්‍යවේදීන්ව ඉහළින්ම පිළි අරගෙන සත්කාර කරලා තියෙනවා. මේ සංචාරයේදී මාධ්‍යවේදීන් කණ්ඩායම පැය කිහිපයක් හෝටලයේ ඉදලා තියෙනවා. එ්ත් අත්අඩංගුවට ගත්ත සෞදි කුමාරවරු කවුරුවත්ම දකින්න ලැබිලා නම් නෑ. එ්ත් සංචාරයට එක්වුන මාධ්‍යවේදීන් කියන විදියට නම් හෝටලයේ තිබ්බ වාතාවරණය එක්ක අනීවාරයෙන් එ් කුමාරවරු ඇතී කියලා විශ්වාස කරනවාලු. දඩුවම් ලබපු ප්‍රභූවරු 201 ක් මේ හෝටලයේ රඳවාගෙන ඉන්නවා කියලයි සෞදියේ මාධ්‍ය කියන්නේ.

කොහොම වුනත් අපේ රටේ අයත් මේ වැඩේ අාදර්ශයට ගනීවිද දන්නේ නෑ. වංචා, දූෂණ කරා කියලා ඔප්පු වුනාම තරු පහේ හෝටල්වල සිරගත කරන්න කියාවිද දන්නේ නෑ. සෞදියේ අත්අඩංගුවට ගත්ත කුමාරවරු තරු පහේ හෝටල්වල තියලා තිබුනට අැතුලේ අනේක විද වද බන්ධන වලට ලක්වෙනවා කියලත් අමතක කරන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post