News Line| Off Air
Generic placeholder image

Nov
28

අසරණ ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් නවසීලන්තයේ ගමක්ම පාරට බසී. – PHOTOS

1486 Views


අසරණ ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් නවසීලන්තයේ ගමක්ම පාරට බසී. – PHOTOS

මිනිසා අනිත් සත්තුන්ගෙන් උසස් වෙන්නේ මනූෂීය ගතිගුණ නිසා. තවත් කෙනෙක් අසරණ වුනාම පිහිට වෙන එක ලංකාවේ මිනිස්සුන්ගේ සිරිතක්. එ්ත් ජීවත්වෙන්න මඟක් හොයාගෙන අෑත රටකට ගියාම අසරණ වුන වෙලාවට කවුරුවත් නෑ. හැබැයි හැමෝම එහෙම නෑ. ලංකාවේ අපි වගේම මිනිස්සුන්ගේ අසරණකම තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු ලෝකයේ තවත් රටවල ඉන්නවා. මේ කියන්න යන්නෙත් එ් වගේ කතාවක්.

අනූෂාත් සෑමිත් නවසීලනත්යට ගියේ මාලිගා හදන්න හිතාගෙන නෙවෙයි. තියෙන අාර්ථික අපහසුතා මඟ හරවා ගෙන පුංචි උන් තුන්දෙනාට උගන්වන්න හිතාගෙන. දැන් ඔවුන් නවසීලන්තයට ගිහින් අවුරුදු 8 ක්. පොඩ්ඩො තුන්දෙනා අවුරුදු 8, 10, 11 වයස්වල කොල්ලොම තුන් දෙනෙක්. සැමිට හොයා ගන්න පුළුවන් වුනේ කුලී රථ රියදුරු රස්සාවක් විතරයි. නමුත් එ්කෙන් ලැබෙන සොච්චමෙන් ඔවුන් ජීවිත ගැට ගහ ගත්තා. එ්ත් මීට අවුරුදු 3 කට කලින් ඔවුන්ගේ ජීවිත වලට කණ කොකා හඬනවා.

දිනේෂා අැදෙන් බහින්නවත් බැරි තරමට ලෙඩ වෙනවා. සැමි හම්බ කරන මුදල දිනේෂාගේ බෙහෙත් වලට වැය කරාම ඉතිරි වුනේ සොච්චම් මුදලක්. එ්කත් බඩට හරියට නොකා පොඩි වුන්ගේ අධ්‍යාපනයට වියදම් කරනවා. පුංචි වුන් එ් තරමටම අෂ්‍යාපනයට දක්ෂ නිසා. දිනේෂාගේ වෛද්‍ය ගාස්තු වලට විතරක් අැමරිකානු ඩොලර් 25,000 ක් ඕනලු. මේ වෙලාවේම තමයි දිනේෂලා කබලෙන් ලිපට වැටෙන්නේ. නවසීලන්ත අධිකරණය ඔවුන්ට දවස් 28 ක් අැතුලත නවසීලන්තයෙන් පිට වෙන්න නියෝල කරනවා. එ් වෙලාවේ තමයි ක්වින්ස්ටවුන් වල ජීවත් වෙන දෙවියෝ වගේ මිනිස්සු දිනේෂාගේ උදව්වට එන්නේ. ඔවුන් දිනේෂාගේ පවුල වෙනුවෙන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනවා. එ් නිසා තවත් මාස 6 ක නවසීලන්තයේ ඉන්න ඔවුන්ට අවසර ලැබෙනවා. හැබැයි කිසිම රැකියාවක් කරන්නවත්, අධ්‍යාපනය ලබන්නවත් බෑ. ක්වීන්ස්ටවුමේ මිනිස්සු එ්කට විරෝධය පලකරලා පාරට බහිනවා.

ක්වින්ස්ටවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, පාසලේ ගුරුවරු, නගරයේ මිනිසුන් අැතුලු සිය ගණනක් දිනේෂාගේ පවුල වෙනුවෙන් පාරට බහිනවා. ඔවුන් වෙනුවෙන් පෙනී ඉන්න baskets of blessing සංවිධානයේ ටැමි ශෘෘමන් මහත්මිය දිනේෂාගේ පවුල ගැන කිව්වෙ මෙහෙම “මම ඔවුන්ගේ පුංචි කුටියට ගියා. අතවත් තියලා නැති කෑම මේසය උඩ තිබ්බා. කොල්ලො තුන්දෙනා බිම බලාගෙන හිටියා. දිනේෂාගේ අැස්වල කදුලු පිරිලා තිබ්බා. එ්ක සිත් කම්පා කරන දර්ශනයක්. ඔවුන්ට කොච්චර ප්‍රශ්න තිබ්බත් ටවුමේ ඕනෑම ප්‍රජා වැඩකට අාවා. අපි තීරණය කරා මේ දරුවෝ වෙනුවෙන්, පවුල වෙනුවෙන් පාරට බහින්න ඕන කියලා. මම බලාපොරොත්තුවෙන් හිටියෙ මිනිස්සු 30 ක් 40 ක් එයි කියලා. එ්ත මට වැරදුනා. මිනිස්සු 300 ක් 400 ක් විතර අාවා. එ් වෙලාවේ අපිට අැඬුනා. දිනේෂා පිටුපස හැරිලා මම දිහා බලපු හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.”

ශ්‍රී ලංකාවේ පවුලක් වෙනුවෙන් නවසීලන්තයේ මිනිස්සු පාරට බැහැපු පලවෙනි අවස්තාව මේක. ඔවුන්ට රටවත් ජාතියවත් අදාල වුනේ නෑ. මිනිහෙක් අසරණ වුනාම පිහිටට ඉන්නේ තවත් මිනිහෙක් විතරයි. ක්වින්ස්ටවුන් වැසියෝ මුලු ලෝකයටම ලොකු පාඩමක් එ් ඉගැන්නුවේ.


News Articles
Latest Videos
Most Popular Post