News Line| Off Air
Generic placeholder image

Jan
8

සදුන් පෙරේරා ගොඩක් ආදරේ කාටද ?

1124 Views


සදුන් පෙරේරා ගොඩක් ආදරේ කාටද ?

තනිවෙන්නෙපා, ඔබ සතුටින්, ආයෙත් වරක්, පූජා කරන්නම්, දුකක් දැනෙන්න එපා, වරද පිළිගන්නවා, ආදරය ආගමකි, හමුවී වෙන්වී ගෙවෙනා, වෙඩි වරුසා වැනි ගීත තුලින් රසික සිත් දිනාගත් නව පරපුරේ ජනප්‍රිය ගායක සදුන් පෙරේරාගේ නවතම ගීතයක් නුදුරේදී නිකුත් කිරීමට නියමිතයි. සියත 24 අපි මේ ගැන සදුන් පෙරේරාගෙන් විමසීමක් කලා..

සදුන් මොකක්ද මේ අලුත් වැඩේ..?
මේක මගේ අලුත්ම සින්දුව. සින්දුවේ ටයිටිල් එක ගොඩක් ආදරෙයි. මේක ලිව්වේ සජිත් වී චතුරංග එතකොට මේ සින්දුව මියුසික් කලේ ප්‍රගීත් පෙරේරා.හෙට අනිද්දම ගොඩක් ආදරෙන් රසික රසිකාවියන්ට ගොඩක් ආදරෙයි සින්දුව අහන්න පුළුවන්.

එතකොට මේ සින්දුව අවුට් වෙන්නත් කලින් මේ සින්දුව ගැන ගොඩක් කතා කරනවා නේද..?
ඔව්, අපි මේ සින්දුවේ ඕඩියෝ ට්‍රේලර් එකක් ඊයේ සමාජ මධ්‍යයට නිකුත්කලා. ඒක මේ වෙනකොට ගොඩක් දෙනෙක් බොහොම හොදින් භාර අරගෙන තියනවා. මේ ඕඩියෝ ට්‍රේලර් එක මේ වෙනකොට යූ ටියුබ් ට්‍රේන්ඩින් ලිස්ට් එකටත් ඇවිත්. ඒ හින්දා ගොඩක් සතුටුයි.

කවදද ගොඩක් ආදරෙයි රසිකයොන්ට භාර දෙන්නේ..?
හ්ම්ම්ම්… මේ සතිය ඉවර වෙන්න කලින් ගොඩක් ආදරෙන් රසිකයින්ට ගොඩක් ආදරෙයි අහන්න පුළුවන් වෙයි.

අන්තිම ප්‍රශ්ණේ ඇත්තටම සදුන් ගොඩක් ආදරේ කාටද ?
මගේ නිර්මාණ මේ විදිහට ආදරෙන් භාර ගන්න හැමෝටම ගොඩක් ආදරෙයි..


News Articles
Latest Videos
Most Popular Post