News Line| Off Air
Generic placeholder image

Nov
29

“මට වැරදුණා” – සියතේ අරවින්ද කියයි. – EXCLUSIVE

9106 Views


“මට වැරදුණා” – සියතේ අරවින්ද කියයි. – EXCLUSIVE

සමහරු හිතාමතා වැරදි කරාට සමහරුන්ගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නොදැනුවත්වමයි. ඒවට අපි කියන්නේ අත් වැරදීම් කියලා. හැබැයි ඉතින් ඔය මොන විදිහට වැරැද්දක් වුණත්, තමන්ට වැරදුනා කියලා දැන ගත්ත ගමන් ඒ වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් කීයෙන් කීදෙනාටද?

ඔබ වැඩියෙන්ම ආදරේ කරන Radio නිවේදකයා, සියතේ අරවින්ද අතිනුත් එහෙම අත් වැරැද්දක් වුණා. ඒ පෙරේදා උදේ 7.30ට ක්‍රියාත්මක වුණු සියත ගොඩයන ලක්ෂය පළමු තරඟ වටය අතරතුරයි. තරඟකරුවා වුණු මාතර පරවාහැර ටිනොජ් ඉල්ලුවේ 5 වෙනි ලියුම් කවරය. ඒත් 4 වෙනි සහ 5 වෙනි ලියුම් කවර දෙකේ පිළිවෙල මාරු වුන නිසා 5 වෙනි ලියුම් කවරය කියලා සියතේ අරවින්ද අතට ගන්නේ 4 වෙනි ලියුම් කවරයයි. ඒ කවරයේ තිබුනේ රුපියල් 500ක මුදලක්. අනිත් ලියුම් කවරයේ තිබුනේ සියත ගොඩයන ලක්ෂය.

ගොඩයන ලක්ෂයේ විනිවිද භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සියත Fan page එක ඔස්සේ FB Live එකක් විකාශය කරනවා. අතරගයෙන් පස්සේ ඒ FB Live එක කිහිපවරක්ම නරඹද්දී සියතේ අරවින්දගේ අතින් මානුෂිය අත් වැරැද්දක් සිදුවී ඇති බව අපිට පෙනුණා. අරවින්ද අතින් එලෙස අත් වැරැද්දක් සිදුවුණා කියලා මේ FB Live එක බලපු සියත අසන්නන්නද අප හට දැනුම් දුන්නා.

ඒ අනුව ඊයේ සවස සියතේ අරවින්ද, ගොඩයන ලක්ෂය නිෂ්පාදක කණ්ඩායම සහ සියත කළමනාකාරිත්වය අතර සාකච්ඡාවක් පැවැත් වුණා. එහිදීත් මේ FB Live එක කිහිපවරක්ම නැරඹු අතර තමන් අතින් අත් වැරැද්දක් සිදුවෙලා තියෙනවා කියලා සියතේ අරවින්ද පිළිගත්තා. ඒ අනුව තරඟය සදහා සහභාගී වුනු පරවාහැර ටිනොජ්ට අසාධාරණයක් සිදුවී ඇති බවත් එය යලි නිවැරදි කිරීම සියතේ යුතුකමක් බවත් සියත කළමනාකාරිත්වය තීරණය කළා.

ඉතින් අද උදේ 7.30 ට ක්‍රියාත්මක වන සියත ගොඩයන ලක්ෂය පළමු තරඟ වටය වෙනුවට නැවත වරක් පරවාහැර ටිනොජ් සම්භන්ධ කරගත්තා. එහිදී සියතේ අරවින්ද තමන්ගෙන් අත් වැරදීමක් වුණු බවත් එයට සමාව වන ලෙසත් සජීවීව ඉල්ලා සිටියා. එමෙන්ම සියත කළමනාකාරිත්වයේ තීරණය අනුව නියම විදිහටම ටිනොජ්ට හිමිවිය යුතු ගොඩයන ලක්ෂය ලබා දෙන බව සියතේ අරවින්ද කිවුවා. ලක්ෂය දිනු ටිනොජ්ට මෙන්ම අත් වැරැද්ද නිවැරදි කරගත් සියතේ අරවින්දටත් ඒක බොහොම සංවේදී අවස්ථාවක් වුණා. පහත තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක. ඒ වගේම සියතේ අරවින්දගෙන් වැරැද්දක් වුනු බව අපිට කිවුව සියත අසන්නන්නටත් බෙහෙවින් ස්තූතියි.

https://www.youtube.com/watch?v=xh9EMPCAroM&feature=youtu.be


News Articles
Latest Videos
Most Popular Post