News Line| Off Air
Generic placeholder image

Nov
29

පින්තූර රාමුවක් විදියට හදපු අරුම පුදුම ගොඩනැගිල්ල “ඩුබායි ෆ්‍රේම්.”

2882 Views


පින්තූර රාමුවක් විදියට හදපු අරුම පුදුම ගොඩනැගිල්ල “ඩුබායි ෆ්‍රේම්.”

ඩුබායි කියන්නේ ලෝකයේ සුපිරිම නගරය කිව්වට වරදක් නෑ. ලෝකයේ වෙන කොහේවත් දකින්න නැති අරුම පුදුම දේවල් ඩුබායි වලදී බලා ගන්න පුළුවන්. රත්තරං වාහන, බුගාටි පොලිස් කාර්, රත්තරං කුට්ටි එන ATM මැෂින්, අරුම පුදුම ගොඩනැගිලි එ් අතර වෙනවා. ලෝකයේ උසම ගොඩනැගිලි රැසක් තියෙන්නෙත් ඩුබායි වල. බර්ජ් කලීෆා එ් අතර පළවෙනි තැන හිමි කර ගන්නවා. උස වගේම අමුතුම හැඩ තියෙන ගොඩනැගිලිත් ඩුබායි වල අඩුවක් නෑ.

එ් වගේ තවත් අපූරු ගොඩනැගිල්ලක් ඩුබායි වල හදලා තියෙනවා. මේ ගොඩනැගිල්ල නම් කරලා තියෙන්නේ “ඩුබායි ෆ්‍රේම්” කියලා. පින්තූර රාමුවක හැඩයට තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. කුළුණු දෙකක් උඩ පිහිටුවපු නිරීක්ෂක තට්ටුවක් විදියට තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල මීටර් 150 ක් උසයි. එ් වගේම මීටර 93 ක් දිගයි. ගොඩනැගිල්ලේ නිරීක්ෂණ තට්ටුවට ගියාම එක පැත්තකින් පරණ නුවරත් අනිත් පැත්තෙන් අලුත් ඩුබායි නුවරත් බලන්න පුළුවන්.

මේ අරුම පුදුම ගොඩනැගිල්ල නොවැම්බර් 30 තමයි විවෘත කරන්න තිබ්බේ. හැබැයි එ්ක ලබන ජනවාරි වෙනකන් කල් ගිහින් තියෙනවා. ඩුබායි ෆ්‍රේම් නිර්මාණය කරන්න අැමරිකානු ඩොලර් මිලියන 43.5 ක් වැය වෙලා තියෙනවා. ලෝකයේ ගෘහ නිර්මාණ ශිල්පය කොච්චර දියුණු වෙලාද කියලා මේ අපූරු නිර්මාණ බැලුවම ඔබට හිතේවි.

 


News Articles
Latest Videos
Most Popular Post