News Line| Off Air
Generic placeholder image

Nov
30

අද එක ලග්නයකට ජය වර්ණ දෙකක් තියෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1803 Views


අද එක ලග්නයකට ජය වර්ණ දෙකක් තියෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 නොවැම්බර් මාසයේ 30 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය: දිවා කාලය සඳහා පස්වරු 04.37 සිට 06.05 දක්වා

රාත්‍රී කාලය සඳහා: අලුයම 4.49 සිට  06.21 දක්වා

සුභ දිශා: උතුර හා නැගෙනහිර

 

 

මේෂ ලග්නය

උපතින්ම අවංක බව, පෙරමුණ ගන්නන් වීම අද ඉතා ඉහල මට්ටමක පවතිනවා. දෙමව්පියන්ට, අඹු සැමියන්ට ඉතා ආදරයෙන් සලකන දිනයක්. ඒ අයගේ පැසසුම්, දුක අසන දිනයක්. දුර සිට එන අමුත්ත්තන්, නෑදෑයින් පිළිගන්න වන දිනයක්. කිසියම් නිර්මාණ ශක්තියක් රැගෙන දවසේ වැඩ සහ නවමු දෙයක් ආරම්භ කල හැකි දිනයක්. සවස් කාලය ඉතා සුභදායකයි.

ජය වර්ණය: ලා රතු පැහැය                         ජය අංකය: 03

වෘෂභ ලග්නය

පෙනුම මනාව පිහිටන බුද්ධුමත් බව ප්‍රකාශ කරන අයයි. අද දිනය තුල ඉතා තියුණු වැඩ දක්ෂ අයුරින් කරගැනීමට හැකියාව ලැබෙනවා. සතුරන් මිතුරු වන අතර මිතුරන් කල්‍යාන මිතුරන් වන දිනයක්. ආත්ම ශක්තිය වැඩි වන දුර්වලකම් අඩු කරගන්නා දිනයක්. මංගල යෝග ඇතිවන දිනයක්.

ජය වර්ණය: ලා රෝසපැහැය                     ජය අංකය: 08

මිථුන ලග්නය

රූපණයට, ලේඛන කලාවට, නිර්මාණාත්මක දේවල් වලට ඇලුමක් දක්වයි. උපතින්ම යහපත් ආදරවන්තයින් බවට පත්වෙනවා. රැකියාවට ඇති ආශාව පිනට දහමට ඇති කැමැත්ත වැඩි වන දිනයක්. මත භේද දුරලා හවුල් ව්‍යාපාර තුලින් ඉහල ආදායම් ලැබිය හැකි දිනයක්. විවේකී බව අඩු වන වැඩ වැඩි වන දිනයක්. පසුබට නොවී තම රාජකාරිය නිසි අයරින් කිරීම තුලින් ජය ලබා ගත හැකියි.

ජය වර්ණය: ලා කොළ පැහැය       ජය අංකය: 01

කටක ලග්නය

ගැඹුරු කල්පනා ශක්තිය වැඩි වන දිනයක්. ඉවසීමෙන් අනවශ්‍ය ප්‍රවේසම් වීමෙන් තොරව තම වැඩ කෙරෙහි අවධානය යොමු කරන්න. ආදායම් වැඩි කරගැනීමට නව ව්‍යාපාරයක් පටන් ගන්න සුබ දිනයක්. අද දවස ඔබට ඉතා ඉහල ධන ලාභ ලැබෙන දිනයක්.

ජය වර්ණය: සුදු පාට                                 ජය අංකය: 09

සිංහ ලග්නය

නොදන්නා අය සමඟ විහිළු තහළු කිරීම, ගංගා වැව් වල ස්නානය කිරීමට නුසුදුසු දිනයක්. නමුත් ස්වයං පාලනය, අන් අය පාලනය කිරීමේ හැකියාව වෙනදට වඩා වැඩි දිනයක්. එමගින් ඔබ කැපී පෙනෙන අතර ඔබේ සියලු දෝෂ යටපත් වී යයි. මංගල යෝග හා විවාහ ජීවිතයේ ප්‍රශ්න ජය ගත හැකි දිනයක්. ඉඩමක්, නිවසක්, වාහනයක් ගැනීමට කදිම දිනයක්.

ජය වර්ණය: රන්වන් පැහැය, තැඹිලි පැහැය                       ජය අංකය: 08

කන්‍යා ලග්නය

වෙළදාම් කටයුතු සඳහා සුබ වන අතර අධික ලාභ ලබා ගැනීමට හැකි දිනයක්. බුද්ධිමත් බව, රූපශ්‍රීය වැඩි වන දිනයක්. නිරමානයට ආශා වන අතර ලේඛන හැකියාවද ඉහල යන දිනයක්. ඉවසිලිවන්ත වීම වැදගත්. ණයට ගැනීම හෝ ණයට දීම නොකරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 07

තුලා ලග්නය

සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. කලාවට ඇලුම් කරන අතර කලාවට දස්කම් ඇති අයට සුභයි. තමන්ගේ කලා නිර්මාණ වලට හොද වටිනාකමක් ලැබෙන දිනයක්. කලාකාමී අදහස් වැඩිපුර දියුණු වන දිනයක්. තමන්ගේ රූපය තුලින් අන් අයගේ ආකර්ෂණය ලැබිය හැකි දිනයක්.

ජය වර්ණය: තද තැඹිලි පැහැය                  ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

අනුන්ගේ වැරදි අතටම අසුකරගත හැකි දිනයක්. සතුරන් මැඩපවත්වා දැමිය හැකි සුභ දිනයක්. ඉවසිලිවන්තව වැඩ කරගතහොත් තමන්ගේ අඩුපාඩුකම් ඉවතලා ගම, රට, ජාත්‍යන්තරය ජය ගත හැකි දිනයක්. දෙමව්පියන්ගේ, දරුවන්ගේ, මුණුබුරන්ගේ වගකීම් පැවරෙන දිනයක්.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 05

ධනු ලග්නය

ගැඹුරු කල්පනාව, ශක්තිය හා බුද්ධිමත් බව වැඩි වන දිනයක්. වාස්තු දෝෂ නිවැරදි කරගැනීමට පියවර ගන්න. ඉඩමක්, නිවසක් ගන්න යන්න කදිම දිනයක්. ඉවසිලිවන්ත බව තුලින් අන් අයගේ ආදරය දිනා ගත හැකි දිනයක්. මිතුරන් සමඟ ප්‍රවේසමෙන් වැඩකළ යුතු දිනයක්.

ජය වර්ණය: තද කහ පැහැය          ජය අංකය: 04

මකර ලග්නය

පැරණි කුසලතා මතුවන දිනයක්. පෞරාණික දේවල් වලට ඇලුම් කරන දිනයක්. කාය ශක්තිය, ඉවසීම, අවංක බව මගින් අද දිනය ජය ගත හැකියි. අනවශ්‍ය ගමන් බිමන් අත හරින දිනයක්. ඉවසීම මගින් පැරණි අයට ගරු කිරීම හා පැරණි දේවල් ලබා ගත හැකි දිනයක්. ව්‍යාපාරයක් අරභීම මගින් තමන්ගේ ආදායම තර කර ගැනීමට හැකියාව ලැබෙන දිනයක්.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 03

කුම්භ ලග්නය

කටහඬ මගින් ජය ලබා ගත හැකි දිනයක්. තියුණු වැඩ හා මොළය වෙහෙසවා කරන වැඩ මගින් තම තත්වය ඉහල නංවා ගත්ඝ හැකි දිනයක්. සතුරන් මර්දනය කර ඉදිරියට යා හැකියි. අතපසු වූ සියලු වැඩ ඉවර කරගත හැකි දිනයක්. අලුතින් වාහනයක් මිලදී ගත හැකි දිනයක්. කලකට පසු මිතුරෙක්, නෑදෑයෙක් නිවසට එන දිනයක්.

ජය වර්ණය: ලා නිල් පැහැය                     ජය අංකය: 02

මීන ලග්නය

ඉතා සුභ දිනයක්. සියලු දෝෂ යටපත් වන දිනයක් වන අතර දෙමව්පියන්ට වඩාත් හොදින් සලකන දිනයක්. අධ්‍යාත්මික ශක්තිය, ගැඹුරු ප්‍රශ්න විසදාලීමේ ශක්තිය අද දිනය තුල වැඩි වන දිනයක්. සවස් කාලය තුල ආදායම් තත්වය වැඩි වන, වන්දනා ගමනකට ඇරයුම් ලැබෙන දිනයක්. කල්‍යාන මිතුරන් හමුවීමට හා නෑදෑයන් ඇසුරට සුභ දිනයක්. ඒ අය අතර ඔබ කැපී පෙනෙන දිනයක්.

ජය වර්ණය: රතු මිශ්‍ර කහපැහැය                 ජය අංකය: 01

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post