News Line| Off Air
Generic placeholder image

Dec
1

අද අනිත් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් බාධා ඇති වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1728 Views


අද අනිත් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් බාධා ඇති වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 01 සිකුරාදා

රාහු කාලය: 10.27 සිට 11.57

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

 

මේෂ ලග්නය

බාධා කම්කටොලු ඇති වුනත් ඒවා යටපත් කරගෙන සතුටින් කාලය ගත කරන්න හැකියාව ලැබෙනවා. මානසික සුවය අත්වන දවසක්. අලුත් යාළුවන් මුණ ගැසෙනවා. ජිවිතයට අරුත්බර දේවල් එකතු වෙනවා. පපුව ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. දණහිස ආශ්‍රිත රෝගී තත්ව ඇති වෙනවා. මෝර පිරිත සජ්ජායනා කරන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 03

වෘෂභ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. පුංචි පුංචි චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇති වෙනවා. තමන්ට වඩා උසස් උගත් පුද්ගලයන්ගේ උපකාර හිමි වෙනවා. තමන්ගේ පෞරුෂය අනවශ්‍ය ආකාරයට පෙන්නන්න එපා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් ජයග්‍රහණ අත් කර ගැනීමේ හැකියාව පවතිනවා. වැඩිහිටියන්ගේ ගෞරවයට පත් වෙනවා.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 08

මිථුන ලග්නය

අතගහන කටයුතු සතුටින් ආරම්භ කරත් අවසානයේ යම් පිඩාවක් ඇතිවිය හැකියි. වාග් ශක්තිය ඉතාමත්ම උසස් මට්ටමකට පවතිනවා. තර්ක කිරීමේ හැකියාව දැනුම මුල්කරගෙන කරන කටයුතු වලින් ජයග්‍රහණ අත්කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. පාද ආශ්‍රිත රෝග ඇති වෙනවා. ජලාශ්‍රිත දේවල් අලෙවි කිරීම සුරතල් මසුන් ඇති කිරීම තුලින් ලාභ ලැබෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. විවාහ ජීවිතය තුල තිබුන බාධා මග හැරෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                  ජය අංකය: 02

කටක ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා වලට ඉතාමත්ම යෝග්‍යයි. තමන්ගේ ප්‍රේමනීය සබදතා ශක්තිමත් කර ගැනීමට බොහෝ උදව් උපකාර හිමි වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. තරමක ආවේගශීලි ප්‍රතිපත්ති ඔබ අනුගමනය කරනවා. එවැනි දේවල් නිසා මව්පස ඥාතීන්ගේ හිත්රිදීම් ඇති වෙනවා. පපුව ආශ්‍රිත රෝග තත්ව වලින් බාධා ඇති වෙනවා. වැඩිපුර කල්පනා කිරීමට යොමු වෙනවා. සෞඛ්‍ය පීඩා ඇති විය හැකියි.

ජය වර්ණය: ලා රතු පැහැය                                   ජය අංකය: 07

සිංහ ලග්නය

ආමාශගත රෝග තත්ව උදරාබාධ වලින් පීඩාකාරී ස්වභාව ඇති වෙනවා. ස්නායුගත රෝග වලින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් කල්පනාකාරී වෙන්න. පාද වල පහල හන්ධි වල රෝග කැක්කුම් ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. වාග් ශක්තිය ප්‍රබල මට්ටමක පවතිනවා. පෞරුෂ මට්ටම ඉතාමත්ම උසස්. උණ රෝග වලින් යම් ආකාරයක බාධා ඇති වෙනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් බාධා ඇති වෙනවා. තමන්ට එරෙහිව බාධා කම්කටොලු ඇති වෙනවා. රහස් සතුරු කුමන්ත්‍රණ ඇති වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                 ජය අංකය: 02

කන්‍යා ලග්නය

වාග් ශක්තිය නිසාම අද දවසේදී ජයග්‍රහණය හිමි වෙනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇතිවිය හැකියි. රැකිරක්ෂා වෙළදාම් කටයුතු වලින් දියුණුවක් ඇති වෙනවා. දුරබැහැර ගමන් වලටත් ඉතාමත්ම යෝග්‍යයි. තාක්ෂණය මිශ්‍ර වුණු කටයුතු වලින් ජයග්‍රහණ අත් වෙනවා. තමන්ට වඩා බාල කාන්තා පාර්ශවයේ අය වෙනුවෙන් කාලයක් මිඩංගු කිරීමට සිදු වෙනවා. සෙම් සහිත රෝග වලින් චිත්ත පීඩා ඇතිවන තත්ව වලින් ප්‍රවේසම් වන්න.

ජය වර්ණය: ලා දම් පැහැය                         ජය අංකය: 04

තුලා ලග්නය

තමන්ගේ කටයුතු වලට යම් ආකාරයක බාධාවක් ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වල යම් ආකාරයක චංචල බවක් මනස ඒකාග්‍රතාවයක් නැති බවක් ඇති වෙනවා. වාග් ශක්තිය දියුණු වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. දණහිස ආශ්‍රිත රෝග තත්ව ඇති වෙනවා. දුවලා පැනලා කරන කටයුතු වලට අවධානය යොමු කරනවා. ඒ හරහා ධන මාර්ග ඇති වෙනවා. යාන වාහන සම්බන්ධ කටයුතු වලින් පවා දියුණුවක් ඇති වෙනවා. සහෝදර ඥාතීන්ගේ වගකීම් වලට කරදෙන්න සිදු වෙනවා.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                  ජය අංකය: 06

 

වෘශ්චික ලග්නය

 

දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. තමන්ගේ ලේ ධාතුව සම්බන්ධ රෝග තත්ව ඇති විය හැකියි. වියදම් පාර්ශවය ඉහල යනවා. චිත්ත පීඩා මානසික අසහනකාරී ස්වභාව උදරගත රෝගී තත්ව ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලින් බාධා ඇති වෙනවා. අත්සන් තැබීම වැනි කටයුතු වලින් වාග් එකගතාවයන්ගෙන් බාධා හට ගන්නවා. තමන්ගේ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වෙන්න. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලට යෝග්‍යයි. ඉවසිලිවන්තව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 02

ධනු ලග්නය

ඉතාමත්ම උනන්දුවෙන් කරන කටයුතු යහපත්. ජයග්‍රාහී මානසිකත්වය පවතිනවා. පරිපාලනමය හැකියාව උසස්. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු පවා දියුණු වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. හිස ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. මුත්‍රාශය ආශ්‍රිතවත් රෝග ඇති විය හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 02

 

මකර ලග්නය

වෙළද ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. අලුත් අලුත් ආරම්භයන් සටහන් කරන්න ඉතාමත්ම යෝග්‍යයි. කලාකාමී කටයුතු දියුණු වෙනවා. සන්නිවේදන සම්බන්ධ කටයුතු ජයග්‍රහණ බවට පත් කර ගන්නවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු පවා දියුණු වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලදී පුංචි පුංචි මත ගැටුම් ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා වලට බාධා ඇති වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 09

කුම්භ ලග්නය

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු මුද්‍රණ ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු මානව සම්පත් වැනි කටයුතු වලින් බොහෝ උපකාර ලබා ගන්න දියුණුවක් සලසගන්න වාසනාව පවතිනවා. කලාකාමී කටයුතු රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලට යහපත්. වැඩිහිටියන්ගේ උපකාර හිමි වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් දියුණුවක් ලැබෙනවා. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වෙන්න. සතුරු කරදර යටපත් කරගත හැකියි.

ජය වර්ණය: ලා නිල් පැහැය

මීන ලග්නය

වියදම් පාර්ශවය අවම වෙනවා. අලංකාරය රුපලාවන්‍ය සමබන්ධ කටයුතු වලට වියදම් වැඩි වෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු සාර්ථක වෙනවා. උසස් නිලධාරීන්ගේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට හිමි වෙනවා. ඉදිකිරීම් සම්බන්ධ භුමිය හා සම්බන්ධ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් බාධා ඇති වෙනවා. දණහිස ආශ්‍රිත රෝග ඇති වේවි.

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post