News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

“තවත් සුළි කුණාටුවක් මඟ එනවා” – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

4224 Views


“තවත් සුළි කුණාටුවක් මඟ එනවා” – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

පහුගිය බදාදා අැති වුන සුළි සුළං තත්වය නිසා ලංකාවේ පළාත් කිහිපයකටම දැඩි හානි සිදු වුණා. දකුණු පළාතට තමයි ඉන් වැඩිම හානියක් වුනේ. කොහොම වුනත් සුළි සුළං තත්වය මේ වෙද්දි දිවයිනෙන් අෑතට ගිහින් තියෙන්නෙ. එ් වුනත් තද වැසි සහිත කාලගුණය නම් අඩු වෙලා නෑ.

කොරේ පිටට මරේ කියන්න වගේ තවත් අවපීඩන සුළි කුණාටුවක් එනවා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන්නෙ ඉන්දුනීසියාවට අාසන්න බෙංගාල බොක්කේ මේ අවපීඩන සුළි කුණාටුව නිර්මාණය වෙමින් පවතිනවා කියලා. එ්ක ගැඹුරු අවපීඩනයක් වුනොත් ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුද හරහා ඉන්දියාව සහ බංගලාදේශය පැත්තට යනවා. කාලගුණේ කියන විදියට හෙට (දෙසැම්බර් 02) ඉඳන් මේ අවපීඩන තත්වය සක්‍රීය වෙන්න පුළුවන්ලු. ලබන 5 වෙනිදා වෙද්දි මේ සුළි කුණාටුව ලංකාවට එන්න පුළුවන්.

කොහොම වුනත් මේ පීඩන අවපාතය තාම ලංකාව දෙසට එන්න පටන් අරන් නෑ එ් වුනත් මුහුදු යන ධීවරයින් මුහුදු නොයා ඉන්න එක තමා වඩාත් හොඳ. ගොඩබිම ඉන්න අයත් සූදානම් ශරීරයෙන් හිටියට කමක් නෑ. මොකද තමන්ගේ අාරක්ෂාව තමන්ම සලසා ගන්න ඕන.

 


News Articles
Latest Videos
Most Popular Post