News Line| Off Air
Generic placeholder image

Dec
1

නඩුව ඉවරයි. පුංචි ඡන්දය පෙබරවාරියේ.

1433 Views


නඩුව ඉවරයි. පුංචි ඡන්දය පෙබරවාරියේ.

මහා වැස්සට කොච්චර හීතල වුනත් මේ දවස්වල මුළු ලංකාවම උණුසුම් කරන මාතෘකාවක් කතා වෙනවා. එ් තමයි පුංචි ඡන්දය. පහුගිය දවසක පුද්ගලින් කිහිප දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් කරපු ගැසට් නිවේදනයට එරෙහිව අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කරා. එ් නිසා මැතිවරණ කොමිසම ඡන්ද කොට්ඨාශ 93 ක විතරයි ඡන්දය පවත්වන්න හැදුවේ.

කොහොම වුනත් ඊයේ එ් පෙත්සම ඉල්ලා අස්කර ගත්තා. එ් නිසා සියලුම පුංචි අාණ්ඩුවලට එකම දවසක ඡන්දය පවත්වන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසම කියනවා. පළාත් පාලන අායතන 342 ක ඡන්දය පවත්වන්න සූදානමින් ඉන්නවා. පෙබරවාරි මාසයේ මුල සෙනසුරාදා දවසක ඡන්දය පවත්වනවා කියලයි මැතිවරණ කොමිසම කියන්නේ. දැන් ඉතිං සීතල උඳුවප උණුසුම් වෙන එක නම් කාටවත් නවත්තන් බැරි වෙයි.

 


News Articles
Latest Videos
Most Popular Post