News Line| Off Air
Generic placeholder image

Dec
1

විදුලිය නිපදවන උණු දිය උල්පතක් අනුරාධපුරයෙන් මතු වෙයි.

1755 Views


විදුලිය නිපදවන උණු දිය උල්පතක් අනුරාධපුරයෙන් මතු වෙයි.

උණුදිය උල්පත් ලංකාවට අලුත් දෙයක් නෙවෙයි. පොළවේ අැතිවෙන සංසිද්ධියක් නිසා තමයි මේ විදියට උණුදිය උල්පත් හැදෙන්නේ. හැබැයි ඔබ අහලා තියෙනවද විදුලිය නිපදවන උණුදිය උල්පතක් ගැන.

එහෙම උණුදිය උල්පතක් අනුරාධපුර තම්මැන්නාකුලම ප්‍රදේශයෙන් මතු වෙලා තියෙනවා. තම්මැන්නාකුලම ප්‍රදේශයේ අතුරු මාර්ගයක නිවසක් ඉදිරියේ විදුලි කණුවක් අසලින් තමයි මේ අධික උෂ්ණත්වයෙන් යුතු ජල උල්පත මතු වෙලා තියෙන්නේ. හදිසියේම මතුවුන මේ උල්පතින් සැර දුමක් එක්ක බුබුළු දමමින් ජලය මතු වෙනවා. සමහරු කියන්නේ අසල විදුලි කණුවෙන් විදුලිය කාන්දු වෙලා මේ විදියට වතුර රත්වෙන්න අැති කියලා.

මොකද විදුලි කණුව අාසන්නයේ අඟල් 6 ක විතර විශ්කම්භයකින් තමයි මේ අපූරු උණුදිය උල්පත මතුවෙලා තියෙන්නේ. එතනට අාපු තරුණයෙක් මල්ටි මීටරයක් අාධාරයෙන් වතුර පරීක්ෂා කරා. වෝල්ට් 75 ක ගෘහස්ථ විදුලියක් මේ උණුදිය උල්පතේ තියෙනවලු. හැබැයි තාමත් බලධාරීන්ගේ අැස් මේ ගැන යොමු වෙලා නෑ. ඉක්මනින් මේ ගැන පිළියමක් නොකරොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post