News Line| Off Air
Generic placeholder image

Dec
1

හමුදා සෙබළු 28,000ක් අල්ලන්න හමුදා මෙහෙයුමක්.

1893 Views


හමුදා සෙබළු 28,000ක් අල්ලන්න හමුදා මෙහෙයුමක්.

පහුගිය දවස් ටිකේම යුද හමුදාවෙන් විශේෂ රතු නිවේදනයක් නිකුත් කරා ඔබට මතක ඇති. පැන ගිය සහ නිවාඩු නොගෙන රාජකාරියට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නැවත කඳවුරු වෙත එන්න කියලයි ඒ නිවේදන වලින් දැනුම් දුන්නේ. හැබැයි ඒ පොදු සමා කාලය ගිය නොවැම්බර් 23 වෙනිදා අවසන් වුණා. ඒ සමා කාලය ප්‍රයෝජනයට අරගෙන හමුදා සාමාජිකයන් 11,358ක් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා හමුදාවට භාර වුණා.

හැබැයි නැවත කදවුරු වෙත නාපු හමුදා සාමාජිකයින් 28,000ක් තවමත් ඉන්නවා. ඉතින් ඒ අයව හැකි ඉක්මනට අත්අඩංගුවට ගන්න මෙහෙයුමක් ආරම්භ කරන්න යුධ හමුදාව තීරණය කරලා. යුද හමුදා පොලිසිය විසින් ඒ විදිහට අත්අඩංගුවට ගන්න හමුදා සාමාජිකයන් ඔවුන්ගේ අදාළ රෙජිමේන්තුවලට භාර දීලා දැඩි විනයානුකුල පියවර ගන්නවා කියලයි අපිට ආරංචි වුණේ.


News Articles
Latest Videos
Most Popular Post