News Line| Off Air
Generic placeholder image

Dec
1

“කෙලවලු (ටූනා) පැටවුන් අල්ලන්න එපා” – ධීවරයන්ට අවවාදයක්.

2490 Views


“කෙලවලු (ටූනා) පැටවුන් අල්ලන්න එපා”  – ධීවරයන්ට අවවාදයක්.

මේ දවස්වල කාලගුණ තත්වය හොඳ නැති නිසා අදත් ඉදිරි දිනවලදීත් මුහුදු යන්න එපා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර ප්‍රජාවට දැනුම් දෙන්නේ. ඒ වගේම පහුගිය දවසක ධීවර ඇමති ලංකාවේ ධීවරයන්ගෙන් තව ඉල්ලීමකුත් කරලා තිබුණා. ඒ තමයි මුහුදු ගිහින් දැල් මගින් මසුන් අල්ලද්දී කෙලවලු පැටවුන් ඒ කියන්නේ ටූනා මාළුන්ගේ පැටවුන් අල්ලන්න එපා කියලයි.

සමහර ධීවරයන් දැල් වලින් මසුන් අල්ලද්දී පුංචි කෙලවලු පැටවුන් පවා අල්ලා ගන්නවා කියලා පහුගිය කාලේ විවිධ අවස්ථා වලදී වාර්තා වෙලා තියෙනවා. ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියන්නේ ඒක දිගින් දිගටම සිදුවුනොත් කෙලවල්ලන් වඳ වී යාමට ඉඩ තියෙනවා කියලයි.

“කෙලවල්ලන් අල්ලන්න එපා කියලා මන් කියන්නේ නැහැ. හැබැයි පොඩි පැටවුන්ව අල්ලන්න එපා. මොකද කෙලවල්ලන් කිලෝ 120, 130 වෙනකම් ලොකු වෙනවා. ඉතින් ග්‍රෑම් 100, 200 මේ පොඩි අය ගත්තම මේ මාළු වඳ වීමේ තර්ජනයකට මුහුණ දෙනවා. ඒක පාලනය කිරීම සඳහා තමයි අපි කටයුතු කරන්නේ. හැබැයි දෙවැනි අදියර විදියට අපි මේ පිළිබඳව ලැබෙන තොරතුරු අනුව අවශ්‍ය වුනොත් එම මසුන් මැරීම තහනම් කිරීමට ක්‍රියා කරනවා.”  කියලයි ධිවර ඇමතිතුමා වැඩි දුරටත් කිවුවේ.


News Articles
Latest Videos
Most Popular Post