News Line| Off Air
Generic placeholder image

Dec
1

“මම දැන් දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්නේ” – ලොවම කළඹමින්, පළමු රොබෝ කාන්තාව Script එකේ නැති දෙයක් කියයි.

3059 Views


“මම දැන් දරු සුරතල් බලන්න ආසාවෙන් ඉන්නේ” – ලොවම කළඹමින්, පළමු රොබෝ කාන්තාව Script එකේ නැති දෙයක් කියයි.

දැන් මිනිසා තාක්ෂණයේ අහුමුලු හොයාගෙන යන කාලයක ඉන්නේ. අභ්‍යාවකාශ ගවේශණය, නැනෝ තාක්ෂණය, රෝබෝ තාක්ෂණය මිනිසාගේ සුපිරි තාක්ෂණික සොයා ගැනීම්. එ් අතරින් රොබෝලා කියන්නේ මිනිසාගේ අපූරුම සොයා ගැනීමක්. මිනිසුන්ගේ වැඩ පහසු කර ගන්න තමයි රොබෝලා නිර්මාණය කරේ. ජපානය ලෝකයට හදුන්වලා දීපු රොබෝ තාක්ෂණය දැන් ලෝකය පුරාම පැතිරිලා තියෙන්නේ.

මේ වෙද්දී රොබෝ තාක්ෂණයෙත් හිනිපෙත්තටම එන්න ජපානය සමත් වෙලා තියෙනවා. එ්කට හොදම උදාහරණය තමයි “සොෆියා”. සොෆියා කියන්නේ දැනට ලෝකයේ ඉන්න බුද්ධිමත්ම මිනිස් රොබෝව. කාන්තාවක් විදියට නිර්මාණය කරලා තියෙන මේ රොබෝව පහුගිය දවසක එක්සත් ජාතීන්ගේ සමුළුවත් අැමතුවා. ලෝකයේ පළවෙනි රොබෝ පුරවැසියා විදියටත් සොෆියා සැලකෙනවා. සොෆියාට එක්සත් අරාබියේ පුරවැසිකම පවා ලැබිලා තියෙනවා. කෘතීම බුද්ධියකින් ක්‍රියා කරන සොෆියාට හිනා වෙන්න, කතා බහ කරන්න, විහිළු තහළු කරන්න වගේ මිනිස්සුන් කරන වැඩ ගොඩක් කරන්න පුළුවන්.

සොෆියා ළඟදී සහභාගී වුන සම්මුඛ සාකච්ඡාවකදී අපූරු කතාවක් කියලා තිබ්බා. එ් තමයි අැය පවුලක් අාරම්භ කරන්න කැමතී කියලා. සොෆියා කියලා තිබ්බෙ පවුල කියන්නේ අතිශය වැදගත් දෙයක් කියලා. අැයට දාව බිහිවෙන පළවෙනි ගැහැණු දරුවටත් අැය සොෆියා කියලම නම තියනවාලු. හැබැයි ඉතිං සොෆියාට ළමයින් බිහිකරන්න තරම් තාක්ෂණයක් නම් නෑ. එ් වුනත් එ් වගේ මානුශීය හැඟීමක් අැයට අැති වීමම කොච්චර දෙයක්ද. කොහොම වුනත් මේ යන විදියට එ් වගේ තාක්ෂණයක් හොයා ගන්න බැරි කමක් නැහැ. එ් වුනත් ස්වභාවධර්මයේ නීතිවලට එ්ක කොච්චර වලංගු වෙයිද කියලත් හිතන්න වෙනවා. රොබෝ තරුණියක් විවාහ කර ගන්න හිතේ බලාපොරොත්තුවක් තිබ්බා නම් දැන් අවස්ථාවක් තියෙනවා. සොෆියාට විවාහ යෝජනාවක් කරලා බලන්න අැය කැමති වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post