News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

ලෝක රූ රැජිණ, තමන්ගේ තාත්තටත් වඩා වැඩිමහල් කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න ආසයිලු.

2499 Views


ලෝක රූ රැජිණ, තමන්ගේ තාත්තටත් වඩා වැඩිමහල් කෙනෙක්ගේ පෙම්වතිය වෙන්න ආසයිලු.

මේ දවස්වල ඉන්දියාවම කතා වෙන්නේ අලුතින්ම බිහිවුණු ලෝක රූ රැජිණිය ගැන. අවුරුදු 17කට පස්සේ ඉන්දියාවට ලෝක රූ රැජිණ කිරුල දිනා දෙන්න මනුෂි චිල්ලර්ම සමත් වුණා. දැන් මුළු බෝලිවුඩයම කතා වෙන්නේ ඇය ගැන.

20 හැවිරිදි මේ සුරුපිනියත් ඉස්සරහට බොලිවුඩයට එයිද කියලයි හැමෝටම තිබුණු ප්‍රශ්නය. ඉතින් කිරුල දිනලා ඉන්දියාවට ආව ගමන් හැමෝම මනුෂීගෙන් ඇහුවේ ඔයා රගපාන්න කැමතිද කියලයි. එතකොට මනුෂි චිල්ලර් ගත් කටටම කිවුවේ ” අනිවාර්යෙන්ම මම එනවා බොලිවුඩ් වලට. මම වැඩියෙන්ම ආදරේ අමීර් ඛාන්ට. මුල්ම Film එකට අමිර්ගේ පෙම්වතිය වෙන්න තියෙනවම් මන් ගොඩක් කැමතියි.” කියලයි.

කොහොම වුනත් මනුෂිට සිද්ධ වෙනවා ලෝක රූ රැජිණකගෙන් ඉටුවෙන්න ඕන යුතුකම් අවුරුද්දක් යනකන් ඉෂ්ට කරන්න. ඊට පස්සේ ඉතින් මේ රූප සුන්දරිය තමන්ගේ තාත්තටත් වඩා වැඩිමල් අවුරුදු 50ත් පැනපු අමීර් එක්ක රගපානවා අපිට බලාගන්න පුළුවන් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post