මත් රකුසා මේ වෙද්දි මුලු ලෝකයම වෙලාගෙන ඉන්නෙ. මත්කුඩු ජාවාරම් කාරයන්ගේ අලුත්ම දඩයම තමයි පාසල් ළමයි. මොකද පාසල් ළමයි ඉක්මනින්ම ඔවුන්ගේ උගුල්වලට හසු කර ගන්න ලේසි නිසා. මේ වෙද්දි පාසල් ළමුන්ව බිලිගන්න මත්කුඩු ජාවරම්කාරයෝ අලුත් උපක්‍රමයක් යොදා ගෙන තියෙනවා.
එ් තමයි මත්කුඩු කවලම් කරපු ටොෆි. මේ විදියේ මත්කුඩු කවලම් කරපු ටොෆි විකුණපු පුද්ගලයින් දෙන්නෙක් පෙරේදා යාපනයේදී අත්අඩංගුවට ගත්තා. යාපනයේ පාසල් සිසුන්ට මේ මත් ටොෆි විකුණමින් ඉන්න කොට තමයි අල්ල ගෙන තියෙන්නෙ. ඔවුන් ළඟ තිබිලා හෙරොයින් මිශ්‍ර ටොෆි 50 ක් හොයා ගෙන තියෙනවා. පොලීසිය කියන්නෙ හෙරොයින් මිශ්‍ර ටොෆි අල්ලපු පළවෙනි වතාව මේක කියලා.