News Line| Off Air
Generic placeholder image

Dec
1

“ජෝන්ගේ ඇස් දෙකට රත් කරපු යකඩ තහඩුවක් තිබ්බා…ග්‍රැහැම් බෙල්ගේ කණට ලාවා හැලුවා…” – ලොවම හෙල්ලූ නව සොයා ගැනීම් කරපු අය අපායට ගිහින් ලබපු දඬුවම් මෙන්න. – TRENDING

2833 Views


“ජෝන්ගේ ඇස් දෙකට රත් කරපු යකඩ තහඩුවක් තිබ්බා…ග්‍රැහැම් බෙල්ගේ කණට ලාවා හැලුවා…” – ලොවම හෙල්ලූ නව සොයා ගැනීම් කරපු අය අපායට ගිහින් ලබපු දඬුවම් මෙන්න. – TRENDING

අද ලෝකය මේ වගේ දියුණු තැනක තියෙන්නේ අතීතයේ සොයා ගත්ත නව නිර්මාණ නිසා. අැලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්, ජෝන් ලොගී බෙයාඩ්, ගැලීලියෝ ගැලීලි, අාතර් සී ක්ලාක්, මාරි කියුරි කියනනේ එ් වගේ නිර්මාණ කරපු ශ්‍රේෂ්ඨ චරිත. වැඩවසම් යුගයේ ජීවත් වුන එ් වගේ සමහර නිර්මාණකරුවන්ට හිරේ යන්නත් සිද්ධ වුණා. එ් ඔවුන්ගේ නිර්මාණ සහ සොයා ගැනීම් අාගමික ඉගැන්වීම් වලට විරුද්ධයි කියලා. එ් කාලේ හිටිය පූජකයන් කිව්වේ ඔවුන්ට අපායේ යන්න වෙනවා කියලා.

එ් වගේ ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවෝ අපායේ ගියොත් මොනවගේ දඩුවම් ලැබෙයිද කියලා පල කරපු ෆේස් බුක් සටහනක් අපිට හම්බුණා. අපි මේ සටහන පල කරන්නේ ඔවුන්ට අපහාසයක් කරන්න නම් නෙවෙයි. මේ නිර්මාණයේ තියෙන නිර්මාණශීලි බව අගයන්න විතරයි.
මේ තියෙන්නේ අපි උපුටගත්ත එ් සටහන.

“ ඔන්න ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැරිලා අපායෙ ගියාලු…..බැලින්නම් ඔක්කොම විද්‍යාඥයෝ සහ නව නිර්මාණ කරුවො සේරම අපායෙලු….. ( ආගමික දේශනා වලට අනුව ඉතින් එහෙම වෙන්න එපැයි…..)
ඉතින් යම රජ්ජුරුවො ඇවිත් කිව්වලු “සර් ක්ලාක්….!…..මම ඔයා ලියපු පොත්වල රසිකයෙක්….!….ඒක නිසා මම ඔයාගෙ දඬුවම ඔයාටම තෝර ගන්න දෙනවා” කියලා……
ක්ලාක් මහත්තයත් කැමති උනාලු…… ” හා එහෙනම් යමු දඬුවම් බලන්න!” කියල එක්ක ගියාලු…..
ඔන්න ඉස්සෙල්ලම ඉන්නවලු පොරක්…..මිනිහගෙ මූණ ( ඇස් දෙක, නහය, කට එක්කම ) ගිනියම් වෙච්ච යකඩ තහඩුවක ඇලිලලු…… අරූ වේදනාවෙන් කෑ ගහ ගහ මූණ ගලවගන්න උත්සාහ කරනවලු……ඒත් ගලව ගන්න බෑලු……ආතර් මහත්තයටත් හීන් දාඩිය දැම්මලු ඒක දැකලා…….”මේ කවුද?……මොකක්ද මෙයා මේ දඬුවම ලබන්න කරපු පව?” කියල ඇහුවලු….
“ආහ් එයා තමයි ජෝන් ලොගී බෙයාඩ් !….. රූපවාහිනිය වගේ ඇබ්බැහි වෙන නිර්මාණයක් මිනිස්සුන්ට ලබා දුන්නු පව තමයි ඔය ගෙවන්නෙ….. වරදේ ස්වභාවය අනුව තමයි දඬුවමත් ….!” යම රජ්ජුරුවො හිනාවෙලා කිව්වලු……
ඔන්න පොඩ්ඩක් එහාට යනකොට තව පොරක් ඉන්නවලු…… යම පල්ලෙක් පොරගෙ කන් දෙකට ගිණියම් වෙච්ච ලාකඩ වක් කරනවලු……. !….. ශ්‍රීමත් ක්ලාක් බයේ වෙව්ල වෙව්ල අර ප්‍රශ්ණෙම ඇහුවලු……..!…….
“ආහ්……!…..ඒ තමයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්……..!……දුරකථනය හොයාගෙන, නිරන්තරයෙන්ම කනේ ගසාගෙන සිටින දෙයක් මිනිසුන්ට ලබා දීමේ වරදේ ස්වභාවයට තමයි ඔය දඬුවම ලැබිලා තියෙන්නෙ” …….. යම රජා චුවින්ගම් එකක් හප හප කිව්වලු…….
ඔන්න තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට තියෙනවලු ස්විමිං පූල් එකක් වගේ එකක්……අර ස්විමිං පූල් වලට පනින බෝඩ් තියෙන්නෙ……එයින් එකක් උඩ තියෙනවලු……සර් ක්ලාක් ස්විමිං පූල් එකේ ගරාදි වැටෙන් එබිලා පූල් එක දිහා බැලුවලු……..
පූල් එක මාර ලස්සනයිලු…….ඒ වතුර ජැස්මින් සුවඳයිලු……නිල් කැටේට බබළනවලු…….දැක්කම පනින්න හිතෙනවලු……පූල් එකේ විවිධ වර්ග වල පාට පාට මල් වර්ග පාවෙනවලු……. රෝස මල්, ඩේසියා මල්, ඔය එක එක මල් වර්ග පාවෙනවලු………ඒවයෙත් සුවඳ මුහු වෙලා එන සුවඳට මත් වෙන තරම්ලු……. පූල් එකේ පොඩි භාජන වල මිළ අධික වයින් වීදුරු පාවෙනවලු……
ඊට පස්සෙ සද්දයක් ඇහිලා සර් ක්ලාක් උඩ බලනකොට, අර පූල් එකට පනින ඩයිවිං බෝඩ් එකේ මනුස්සයෙක් ඉන්නවලු…… මිනිහා හොඳට සූදානම් වෙලා එක පාරට පූල් එකට පැන්නලු…..( ඩයිවිං පාරක් දැම්මලු…… අර ඔලිම්පික් වල වගේ කැරකිලා කරණම ගැහුවා ) ….. දාලා පූල් එකේ ජලය පසාරු කරගෙන නොපෙනී ගියාලු…..
සර් ක්ලාක්ට ඒ සීන් එක නියමෙට හිතට ඇල්ලුවලු….. “හම්මට ! අපායෙ මෙහෙම තැන් තියෙනවද?…… මේක නම් අපාය හදපු සිවිල් ඉන්ජොන්ට වැරදිලා දිව්‍ය ලෝකෙ ප්ලෑන් එකකට අනුව කරපු එකක් වෙන්න ඇති……” කියලා ගත් කටටම කිව්වලු ” යම රජ තුමනි ! මට මේ දඬුවම හොඳයි !” කියලා……
” තමුන්ට හොඳටම විශ්වාසද මේකමයි ඕන කියලා? ” යම රජා ඇහුවලු……
“ඔව් සර් ! මේක හොඳයි !” කිව්වලු
“හා එහෙම නම් මේ නර පණුවාට ඒ දඬුවම දෙන්න !” කියලා යම රජා ඕඩර් එකක් දුන්නලු…. යම පල්ලො දෙන්නෙක් ආවලු සර් ක්ලාක්ව ඇදගෙන යන්න……
ආයෙ මොකට ඇදගෙන යනවද? …. මෙච්චර ලස්සන, සුවඳ හමන, මල් පිරිච්ච පූල් එකකට පනින්න බලෙන් ගෙනියන්නෙ මොකටද?… සර් ක්ලාක් නුත් ඒ කාලේ හොඳ සී ඩයිවර් කෙනෙක් නෙ…… ඉතින් සිය කැමැත්තෙන් පඩිපෙළ නැගගෙන ගිහින්, හොඳ හුස්මක් අරගෙන, පහතින් පේන ලස්සන පූල් එකට ජබොස් ගාලා කරණම ගැහුවලු……
පූල් එකේ වතුර පසාරු කරගෙන සර් ක්ලාක් පහළට ගිහින් නැවතුනේ අසුචි ගොඩක වැදිලලු……හම්මා ඒකෙ ගඳ…..!……මතු පිටින් පූල් එක අර විදියට පෙනුනට, පූල් එක යට එකම අසුචි ගොඩක්……
සර් ක්ලාක්ටත් වතුර යටම වමනෙ ගියාලු……
වමනෙ හලාගෙන වටපිට බලනකොට, අර කළින් පැන්න හාදයා ඉන්නවලු අසුචි ගොඩක් උඩ කළ කිරිලා වගේ……!….සර් ක්ලාක් ඌට අතින් සංඥා කරාලු ” උඩට යමන්!” කියලා….. ඊට පස්සෙ දෙන්නම උඩ මතු වුනාලු……..
එතකොට සර් ක්ලාක් අරූගෙන් ඇහුවලු ” තමුසෙ කවුද ඕයි ?…….මොකක්ද මේ වගේ දඬුවමක් තමුන්ට දෙන්න හේතුව?…. තමුසේ මොකක්ද මිනිස් ලොව ඉන්න කාලෙ කළේ…..?…” කියලා……
අරූ කිව්වලු “මම තමයි අයිසේ ගෑණුන්ගෙ “මේකප්” ( Cosmetics ) හොයා ගත්තු එකා……!” කියලා….

 

උපුටා ගැනීම : දමිත් කේතක ගේ Facebook ගිණුමෙන්


News Articles
Latest Videos
Most Popular Post