News Line| Off Air
Generic placeholder image

Dec
2

අද ලග්න 5 කට ලෙඩ රෝග වලින් පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

2002 Views


අද ලග්න 5 කට ලෙඩ රෝග වලින් පීඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 02 සෙනසුරදා

රාහු කාලය පෙ.ව 09.03 සිට 10.31

සුභ දිශාව නැගෙනහිර

 

 

මේෂ ලග්නය

කායික වශයෙන් හැගීම් උද්දීපනය කලත් ගතිගුණ නරක අතට යොමු කරන්නේ නැහැ. ඔබ හැමෝටම ආදරය කරුණාව දක්වන මෛත්‍රී සහගත සිතුවිලි ඔබට උදා වේවි. උදව් උපකාර ඉල්ලීමෙන් නොසිතු ආකාරයට කටයුතු සඵල වෙනවා. ලේවල දෝෂ ඇති වීමට යම් යම් විවේචන වලට ලක් වීමට වෙහෙස ඇති දුර ගමන් ඇති වීමට හේතු වෙනවා. දුක්මුසු ආරංචි ලැබීමටද ඉඩ ඇති දිනයක්. සියලු බාධක අබිභවා කටයුතු කිරීමට හැකි වෙනවා. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය රන්වන්පැහැය                       ජය අංකය 05

වෘෂභ ලග්නය

ඔබගේ ඉවසීම නිහතමානිකම ඔබට පෙරලා වාසනාව සැලසෙනවා. වාද විවාද වලට යන්න එපා. අඹුසැමියන්ද කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබට නොසිතු ආකාරයට ඔබගේ වටිනාකම අන් අයට දැනෙන ආකාරයට කටයුතු සිදු වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. ආර්ථිකය යහපත් වෙනවා. සතුරු බලවේග නිහඩ කරවන සතුරන්ගෙන් නිදහස ලබනවා. වෘත්තීය කටයුතු වෙළද ව්‍යපාර ඔබට කරගැනීමට හැකියාව ලැබෙනවා. ධාර්මික සිතුවිලි ගලා එනවා. අසල්වැසියන්ගේ උපකාර හිමි වෙනවා.

ජය වර්ණය ලා රෝස පැහැය                     ජය අංකය 04

මිථුන ලග්නය

හදිසි මුදලක් වැය වීමට හෝ ණය තුරුස් වීමට සිදු වෙනවා. ඔබට අවශ්‍ය ආර්ථික ශක්තිය කෙසේ හෝ ලැබෙන දවසක්. වෙළදාම් වලින් වාසි හිමි වෙනවා. ඔබගේ ඥාතියෙක් හෝ මිත්‍රයෙක් ඔබව සොයා ගෙන එනවා. ඔබට ලැබීමට තිබු මුදලක් ප්‍රමාද වුවා නම් අද ඔබට එය ලැබෙනවා. සතුරු බලවේග යටපත්ව හිතේ ප්‍රීතිය ඇති වීමට හේතු වෙනවා. අසනීප අයට නිරෝගී සුවය උදා වෙනවා. පවුල අතර සාමය රජ වෙනවා. අධ්‍යාපනික කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. නින්ද අපහාස ඇති වේවි. කල්පනාවෙන් කටයුතු කරන්න.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 06

කටක ලග්නය

ඔබගේ බලාපොරොත්තු ඉටු වෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. දරුවන්ට දෙමව්පියන්ට හිතවතුන්ට උදව් උපකාර කිරීමට ඔබට ශක්තිය උදා වෙනවා. ජලය සම්බන්ධ ව්‍යාපාර කරන අයට ලාභ හිමි වෙනවා. නොයෙක් ආකාරයට සතුටු වීමට ලාභ ලැබීමට අවස්ථාව උදා වෙනවා. රහස් සතුරු බලවේග අන් අයගේ ඊර්ෂියාව බඩේ අමාරු ඇස්වල අමාරු හදිසි අනතුරු මතු වේවි. මනා සංයමයකින් කටයුතු කරන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                               ජය අංකය 03

සිංහ ලග්නය

ආගමික කටයුතු වලට නැඹුරු වීමට එවැනි උතුමන් හමු වීමට ඉදිරිපත් වන දවසක්. සෞඛ්‍ය ගැටළු පවතින අය විවේක සුවයෙන් පසුවිය යුතුයි. නීති ප්‍රශ්න පවතින අයට අන් අයගේ තර්ජන වලට මුහුණ පෑමට සිදු වේවි. ඔබගේ ඉවසීම සිනහව දයාව විරුද්ධවාදීන්ට පෙන්වන්න. ඔබට හදුනන උසස් අය ඔබට උපකාර කරාවි. ඔබගේ සෘජු ගති පාලනය කරගන්න. අන් අයගේ උදව් හිමි වේවි. සතුරන් මර්ධනය වෙනවා. සහෝදරයන් අතර කැපී පෙනෙනවා. අධික වශයෙන් මුදල් වැය වේවි. ඉවසීමෙන් කටයුතු කරන්න.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 05

කන්‍යා ලග්නය

දෙමව්පියන්ට කලගුණ සලකන්න. ආගමික වතාවත්වල යෙදෙන්න. අසරණ අයට සරණ වන්න. දණහිස පහල ආබාධ තුනටිය ආබාධ කැක්කුම් බඩ පුරවා දැමීම නිසා සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. නොසිතු කරදර සිත් තැවුල් ඇති කල හැකියි. දුරගමන් වලින් වලකින්න. විවිධ අනතුරු බාධා ඇතිවිය හැකි දවසක්. බාධක මැද හොදින් කටයුතු කිරීමට ඔබ වාසනාවන්ත වෙනවා. ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට උසස් අයගේ ආධාර ලැබීමට සතුරන්ගෙන් ජය ලැබීමට ඔබට හැකි වෙනවා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න.

ජය වර්ණය නිල් පැහැය              ජය අංකය 03

තුලා ලග්නය

තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. මුත්‍රාබාධා ලේ ගමන පිළිබද දෝෂ පවතින අය ආරක්ෂා විය යුතුයි. ගේදොර සාමයට බාධා ඇති වීමට අසල්වැසියන් සමග නොහොද නෝක්කාඩු ඇති වීමට ඉඩකඩ පවතිනවා. ධන ලාභ ලැබෙනවා. අභියෝග ජය ගැනීමට හැකියාව ලැබෙනවා. උසස් අයගේ ආධාර උපකාර ලැබෙනවා. ආවේගශීලි වීමෙන් සතුරු බලවේග රහස් කුමන්ත්‍රණ වලට මදි වෙනවා. දහමින් කටයුතු කරන්න. ඔබගේ ඉවසීම දුර දක්නා නුවණ දැහැමි බව අද දවස වාසනාවන්ත කරාවි.

ජය වර්ණය ලා නිල් පැහැය                      ජය අංකය 07

 

වෘශ්චික ලග්නය

 

සුළු සුළු ලාභ ප්‍රයෝජන ලැබෙනවා. බඩේ අමාරු ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වෙන්න. ඔබට මහන්සි වී යම් වැඩක් කිරීමට සිදුවන දවසක්. මිලමුදල් ලාභ සැප පහසුව ඇති වෙනවා. ඔබගේ සිත තුල පරිවර්තනයක් ඇති වීමට ගෞරවයට බාධා ඇති වීමට ස්ථාන වෙනස්කම් ඇති වීමට නොතෙරුම්කමින් වැරදීම් අලාභ හානි ඇති වීමට ඉඩකඩ ඇති බැවින් සිතාබලා කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ගමන් බිමන් වලදී ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න. වියදම් අධික වේවි.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 09

ධනු ලග්නය

සිතේ පවතින ප්‍රීතිය සතුට යටපත් වීමට ඉඩකඩ පවතිනවා. ආදර බන්ධන වලින් සිත් තැවුල් ඇති වීමට හේතු වෙනවා. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. හැගීම් පාලනය කර ගනිමින් කටයුතු කරන්න. ලාභ ලැබීමට හොද ආහාරපාන ලැබීමට හේතු වෙනවා. සියලු බාධක අබිභවා කටයුතු කිරීමට හැකි වෙනවා. සමාජ ඇසුරේදී නීති ප්‍රශ්න ඇති විය හැකියි. ඉවසීම දුර දක්නා නුවණ සැනසීම උදා වේවි.

ජය වර්ණය කහ පැහැය                 ජය අංකය 05

 

මකර ලග්නය

ඔබගේ සතුටට බාධා ඇතිවිය හැකියි. සියලු බලාපොරොත්තු ඉටු කර දෙමින් ගරු සැලකිලි ලබන තත්වයක් උදා වෙලා තියෙනවා. රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු මැනවින් පවත්වා ගෙන යාමට සමත් වෙනවා. වකුගඩු තුනටිය අමාරු කොදු ඇට පෙළ ආශ්‍රිත අසාමාන්‍යතා ඇතිවිය හැකියි. ධනය වැය වීමට වැටීම් තැලීම් ඇති වීමට හේතු වෙනවා.

ජය වර්ණය ලා නිල් පැහැය                     ජය අංකය 07

කුම්භ ලග්නය

මිල මුදල් කටයුතු වලින් හොද ප්‍රථිපල ලැබීමට අලුත් ඇදුම් පැළදුම් වෙනුවෙන් මිල මුදල් වැය කිරීමට හේතු වෙනවා. කැපී පෙනීමට උත්සහ ගන්නා දවසක්. වචන භාවිතා කිරීමේදී ප්‍රවේසම් වන්න. හිතවතෙකුගේ ආදර සංග්‍රහයකට බුක්ති විදීමට හැකි වෙනවා. සිතේ සතුට ඇති වීමට ඔබගේ වැඩ කටයුතු සඵල වීමට හේතු වෙනවා. උසස් අයගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගත හැකි වෙනවා. විනෝදයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ප්‍රීතිමත් දුර බැහැර ගමන් යාමට සුභයි. පවුලේ සමගිය සමාදානය වර්ධනය වීමට හේතු වෙනවා. මංගල යෝග උදා වෙනවා.

ජය වර්ණය රන්වන් පැහැය                       ජය අංකය 09

මීන ලග්නය

වැය පක්ෂය අධික වෙනවා. ආදායම් හීන වෙනවා. සෙම් බහුල අසනීප වලින් ආරක්ෂා විය යුතුයි. දැඩි උත්සාහයෙන් කටයුතු කරන්න. සියලු බාධක අබිභවා කටයුතු කිරීමට පෙරපින් ඵල දෙනවා. මුදල් තත්වය යහපත් වීමට නම ප්‍රසිද්ධ වීමට සිතට සැනසීම උදා වීමට ගරු නම්බු ලැබීමට අලුත් ඇදුම් පැළදුම් පවා ලැබීමට වාසනාව හිමි වෙනවා. පවුලේ කෙනෙකුට දරු සම්පත් ලැබෙනවා. වෙහෙස වන ගමන් යාමට ඔබගේ හොද නමට කැළැල් ඇති වීමට හේතු වෙනවා. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                   ජය අංකය 05

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 0777 448 644


News Articles
Latest Videos
Most Popular Post