News Line| Off Air
Generic placeholder image

Dec
2

ලංකාවේ සුපිරිම Bus Stand එක මෙන්න.

4913 Views


ලංකාවේ සුපිරිම Bus Stand එක මෙන්න.

ලංකාවේ සුපිරිම බස් නැවතුම්පොළ ඊයේ විවෘත කරා. එ් අම්පාර නගරයේදී. සුපිරි පහසුකම් වලින් සමන්විත මේ බස් නැවතුම්පොළ හදන්න රුපියල් මිලියන 286 ක් වියදම් වෙලා තියෙනවා.

තට්ටු දෙකකින් සමන්විත අම්පාර බස් නැවතුම්පළේ පහත මාලයේ බස් රථ අංගන 18 ක් තියෙනවා. මගීන්ට ගමනාන්තය පහසුවෙන් දැන ගන්න ඩිජිටල් පුවරු එ් අංගන වල සවිකරලා තියෙනවා. එ් වගේම අබාධිත පුද්ගලයන්ට ඉහළ මාලයට යන්න සෝපානයකුත් තියෙනවා. ඉහළ තට්ටුවේ වෙළදසැල්, මව්වරු සහ ළදරුවන් සදහා විවේකාගාර, පොලිස් මැදිරි ස්ථාපනය කරලා තියෙනවා. බස්නැවතුම්පොළ පුරා සී.සී.ටී.වී කැමරා සවි කරලා පැය 24 පුරා නීරීක්ෂණය කරනවා. හදිසි විදුලි බිද වැටීමකදී ක්‍රියාත්මක වෙන විදුලි ජනක යන්ත්‍ර පවා මේ බස් නැවතුම්පොළේ තියෙනවා.

මේ බස් නැවතුම්පොළෙන් වාර්ෂිකව රුපියල් මිලියන 6 -8 අතර ශුද්ධ ලාභයක් ලබන්න බලාපොරොත්තු වෙනවලු. ඔබත් අම්මපාර පැත්තේ ගියොත් මේ බස්නැවතුම්පොළ බලලා එන්න අමතක කරන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post