“මේස් වලින් එන ගඳ” කොයිවගේද කියලා ඔබට අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැනේ. ඒ වචන ටික ඇහෙද්දීත් නහය ඇකිලෙනවා. හැබැයි ඉතින් මේ දවස් වල වැස්සත් එක්ක Office වල, Bus වල, ඉස්කෝලවල එහෙන් මෙහෙන් එන මේස් ගඳ අකමැත්තෙන් වුණත් ඉවසන්න වෙනවා.
හැබැයි ඒ මේස් ගඳ නිසා පහුගිය දවසක බස් එකක් ඇතුලේ ලොකු රණ්ඩුවකුත් සිද්ධ වුණා. අන්තිමට ඒ ගඳ ගහන මේස් කුට්ටමේ අයිතිකාරයාව අත්අඩංගුවට ගන්න පොලිසියට කටයුතු කරා.
මේ සිද්ධිය වුණේ ඉන්දියාවේ දිල්ලියේ. බස් රථයට ගොඩවුණු විසිහත් හැවිරිදි තරුණයෙක්ගේ මේස් වලින් ආපු ගඳ බස් එක පුරාම පැතිරිලා. මගින් මේ ගැන තරුණයට කියලා. ඒත් ඔහු ඒක පිළිගත්තේ නැහැ. අන්තිමට බස් මගීන් එකතුවෙලා ඒ තරුණයට පහර දීලා. අන්තිමට “ප්‍රසිද්ධ ස්ථානයකට හිරිහැරයක් බවට පත්වීම” යටතේ මේ තරුණයාව ඉන්දීය පොලිසිය අත්අඩංගුවට අරගත්තා. හැබැයි පස්සේ ඇප මත මුදා හැරියා.