අාදරේ කරන කාලයේ ගොඩක් අය කියන්නේ මැරෙනකම් මම ඔයාව දාලා යන්නෙ නෑ කියලා. හැබැයි පිටිපස්සේ දොරෙන් හොරෙන්ම මාරු වෙන්නේ එහෙම අය තමයි. එ් වගේ ප්‍රේමවන්තයෝ අතරේ පෙම්වතා මැරුණත් විවාහ කරගත්ත පෙම්වතියක් ගැන අාරංචි වුනා.
මේ කතාව අපිට අාරංචි වෙන්නේ එංගලන්තයෙන්. මිෂෙල් තෝමස් සහ කෙවින් ලැවෙල් ළඟදීම විවාහ වෙන්න හිටියේ. කෙවින් විවාහ උත්සවයේ වැඩ වලට වෙහෙසෙමින් ඉන්න කොට මැර කල්ලියක ප්‍රහාරයෙන් අවසනාවන්ත විදියට මිය යනවා. පෙම්වතාගේ මරණය දැන ගත්ත මිෂෙල් දැඩි වේදනාවකින් හිටියේ. එ්ත් අැයට කෙවින්ව විවාහ කර ගන්න ඕනමයි කියනවා. එ් නිසා කෙවින්ගේ මෘත ශරීරය තිබ්බ රෝහලේම මංගල උත්සවය සුදානම් කරනවා. දෙන්නාගෙම ළඟම නෑයන්ගේ සහ යාලුවන්ගේ සෝ සුසුම් මැද මංගල්‍යයේ වතාවත් කෙරුවා. කෙවින්ගේ අවමංගල උත්සවයේ වතාවත් කළ පූජකවරයාම තමයි මංගල උත්සවයේ වතාවත් කරෙත්.
මංගල කටයුතු කරද්දී කෙවින් තම නිත්‍යානුකූල ස්වාමිපුරුෂයා විදියට පිළිගන්නවාද කියලා මිෂෙල්ගෙන් පූජකවරයා අැහුවා. අැය කිසිම පැකිලීමක් නැතුවම පිළිගන්නවා කියලා කිව්වා. අන්තිමට කෙවින්ගේ තාත්තා මංගල මුදු මිෂෙල්ගේ මැද අැඟිල්ලේ සහ කෙවින්ගේ මෘත ශරීරයේ මැද අැඟිල්ලේ පැලදුවා. කෙවින්ගේ සහ මිෂෙල්ගේ දරුවන් දෙන්නත් මේ අවස්ථාවට අැවිත් හිටියා.
අාදරේදී එකිනෙකා රවටන ප්‍රේමවන්යතන්ට කෙවින් සහ මිෂෙල් ලොකු අාර්ශයක්. රෝමියෝ ජුලියට් පෙම් කතා වලට කෙවින් මිෂෙල් පෙම් කතාවත් කවදා හරි දවසක එකතු වේවි.