News Line| Off Air
Generic placeholder image

Dec
2

ගිනස් පොතටත් ගිය “ලංකාවේ වයස්ගතම කාන්තාව” කිරි උක්කු අම්මා දිවියෙන් සමුගනී.

3307 Views


ගිනස් පොතටත් ගිය “ලංකාවේ වයස්ගතම කාන්තාව” කිරි උක්කු අම්මා දිවියෙන් සමුගනී.

“ආවොතින් යන්න වෙනවා. ගියොත් තමයි ආයිත් එන්න පුළුවන්.” ස්වභාව දහමේ නිතිය එහෙම වුනත් අපි හැමෝගෙම ආසාව ගොඩාක් කල් ජිවත් වෙන්න. හැබැයි මේ වෙද්දී ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ ජිවිත කාලය අවුරදු 70 – 80 සීමාවේ තියෙන්නේ. හැබැයි ඉදලා හිටලා අවුරුදු 100 පැනලත් ජිවත් වෙන පුරවැසියන් ගැන ලෝකේ විවිධ අහුමුලු වලින් ඇහෙනවා.

ඒ අතර ලංකාවේ වයස් ගතම කාන්තාව විදිහට මෙච්චර දවසක් ජිවත් වුණු කිරි උක්කු මාතාව ඊයේ ජීවිතෙන් සමුඅරන්. මේ වෙද්දී ඇයගේ වයස අවුරුදු 115ක් විතර වෙනවා. 1902 ජුනි මාසේ 4 වෙනිදා ඉපදුනු මේ මාතාවගේ මුල් නම කිරි උක්කු. එත් පස්සේ මේ මාතාව පස්සේ පේඩිගේ අනුලාවතී කියලා නම වෙනස් කරගත්තා.

සහෝදර සහෝදරියෝ 10 දෙනෙක්ගේ පවුලේ තමයි මේ මාතාව ඉපදිලා තියෙන්නේ. දරුවන් 5 දෙනෙකුට මවක් වුනු මේ මාතාව මුනුපුරු මිනිපිරියන් 110 කට වැඩි දෙනෙක්ගේ ආච්චි අම්මා වුණා.

අරනායකයට කිට්ටුව තියෙන ගෙවිලිපිටිය කියන ගමේ ජිවත් වුනු මේ මාතාව ගිනස් වාර්තා පොතටත් ඇතුලත් වුණා. ඒ 2014 දී ලංකාවේ තිබුණු ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 110 – 115 කාණ්ඩයේ හෙල්ල සහ යගුලිය විසි කිරීමේ ඉසවු වලට සහභාගී වීමෙන්.  යගුලිය සහ හෙල්ල විසිකළ ලොව වයස්ගතම කාන්තාව විදිහටයි ඇය ගිනස් පොතට ගියේ. ඒ වගේම ඊයේ වෙනකම්ම ලංකාවේ වයස්ගතම කාන්තාව කියන නාමයත් හිමිකරගෙන හිටියේ මේ මාතාවයි. ඉතින් ඇයට සියත 24 අපි නිවන් සුව පතනවා.

යගුලිය සහ හෙල්ල විසිකළ ලොව වයස්ගතම කාන්තාව බවට පත්වූ අවස්ථාව

කිරි උක්කු අම්මාගේ ජාතික හැඳුනුම්පත

කිරි උක්කු අම්මා ජීවත්ව සිටි කාලයේ ගත් ඡායාරුප 


News Articles
Latest Videos
Most Popular Post