News Line| Off Air
Generic placeholder image

Dec
2

දැවැන්ත කිඹුලන් එක්ක එකම තටාකයක ඉන්න ඔබටත් අවස්ථාවක්.

2141 Views


දැවැන්ත කිඹුලන් එක්ක එකම තටාකයක ඉන්න ඔබටත් අවස්ථාවක්.

කිඹුලා කියන්නේ ඩයිනෝසර් යුගයේ ඉදන් තාමත් මිහිතලයේ ජීවත් වෙන සතෙක්. ගංගා, වැව් අශ්‍රිතව ජීවත් වෙන කිඹුල්ලු පහුගිය දවස්වල ගෙවල් වලටත් අාපු අවස්ථා ලංකාවෙන් වාර්ථා වුනා. එ් වගේම ගංඟා වල නාන්න ගිහින් කිඹුල්ලුන්ගේ ප්‍රහාරයට ලක්වුන අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා. හැබැයි කිඹුලන් ඉන්න තටාකටකට බහින්න අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ.

දැන් එහෙම තටාකත් ලෝකයේ තියෙනවා. මිනීමරු කිඹුලන් ඉන්න තටාකයකට බැහැලා උන්ව බලන්න අවස්ථාව තියෙනවා. ඕස්ට්‍රේලියාවේ “ක්‍රොකොසෝරස් කිඹුලන් උද්‍යානයේ තමයි මේ අපූරු අවස්ථාව තියෙන්නෙ. මීටර් 5 කටත් වඩා විශාල දැවැන්ත කිඹුලන් රැසක් මේ උද්‍යානයේ ඉන්නවා. “මරණයේ කූඩුව” කියලා නම් කරපු විනිවිද පේන අැක්‍රිලික්වලින් හදපු කූඩුවන ඉදන් තමයි ඔබව මේ තටාකයට දාන්නේ.

කිඹුලත් එක්ක එකට ඉන්න ගමන් උගේ ක්‍රියාකාරකම් ළඟම ඉදන් බලන්න පුළුවන්. හැබැයි ඉතිං හරිම විනයක් අතුව තමයි මේ මරණයේ කූඩුව අැතුලේ ඉන්න ඕන. මොකද කිඹුලා කියන්නේ විශ්වාස කරන්න පුළුවන් සතෙක් නෙවෙයි. කොහොම වුනත් මේක බලලා ගඟේ ඉන්න කිඹුල්ලු කිට්ටුවය එහෙම යනවා නෙවෙයි.


News Articles
Latest Videos
Most Popular Post