News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

ඉන්දියාවට ටෙස්ට්, එක්දින පැටලෙයි. කෝලි සුළි කුණාටුව ලංකා නම්බුව වනසයි.

2350 Views


ඉන්දියාවට ටෙස්ට්, එක්දින පැටලෙයි. කෝලි සුළි කුණාටුව ලංකා නම්බුව වනසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් ටෙස්ට් තරඟය අද අාරම්භ වුණා. එ් ෆෙරොස් කොට්ලා ක්‍රීඩාංගනයේදී. අද දවසේ ඉන්දියාව ක්‍රීඩා කරේ මේක එක්දින තරඟයක් කියලා හිතාගෙනද මන්දා. එ් තරම් වේගවත් පිතිහරඹයක් ඉන්දීය පිතිකරුවන් දියත් කරා. අද කාසියේ වාසිය දිනා ගත්ත ඉන්දියාව මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා.

ලකුණු 42 ක් වෙද්දී පළවෙනි කඩුල්ල විදියට ධවාන් දැවී ගියා. ඔහු ලකුණු 23 ක් රැස් කරා. පුජාරා ලකුණු 21 කට ළහිරු ගමගේ එවපු පන්දුවකට දැවී ගියා. ඊට පස්සේ පිටියේ එක්වුන මුරලි විජේ සහ විරාත් කෝලි ලකුණු 283 ක සුපිරි සබඳතාවක් ගොඩනැගුවා. මුරලි විජේ ලකුණු 155 ක් රැස් කලා. ඔහුගේ ඉනිමට 4 පහර 13 ක් අැතුලත් වුණා. කෝලි ලංකාවේ පිතිකරුවන්ට එළව එළවා පහර දුන්නා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල කෝලී නොදැවී ලකුණු 156 ක් ලබා ගත්තා. එ් 4 පහර 16 ක් එක්ක. රහනේ එක ලකුණකට දැවී ගියා. රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 6 යි.

ඉන්දීය පිතිකරුවන්ගේ ප්‍රහාරයෙන් ගැලවෙන්න ලංකාවේ කිසිම පන්දු යවන්නෙක්ට බැරි වුණා. ලක්ෂාන් සදකැන් කඩුලු 2 ක් දවා ගත්තා. දිල්රුවන් පෙරේරා සහ ගමගේ එක කඩුල්ල බැගින් ලබා ගත්තා. සාර්ථක ස්ටම්ප් කිරීම් දෙකක් ලබා ගත්ත දික්වැල්ලට ඉන්දියාවට කකුල් මාට්ටුවක් දාන්න පුළුවන් වුණා. අද දවසට තරඟය නතර කරද්දී ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 371 ලබාගෙන ඉන්නවා. හෙට තරඟයේ දෙවෙනි දවස. තරඟයේ ජයග්‍රහණය ගැන හිතන්න නම් අඩුම ගානේ ඉන්දියාව ලකුණු 450 කට කලින් වත් දවා ගන්න වෙනවා. අපි බලමු ලංකාවට එ් ඉලක්කය සාර්ථක කර ගන්න පුළුවන්ද කියලා.

අද ලකුණු පුවරුව


News Articles
Latest Videos
Most Popular Post