News Line| Off Air
Generic placeholder image

Dec
3

“මං හිට් වුනේ මනුරංග නිසා නෙවෙයි.” – ලහිරු පෙරේරා කියන කතාව මෙන්න.

3432 Views


“මං හිට් වුනේ මනුරංග නිසා නෙවෙයි.” – ලහිරු පෙරේරා කියන කතාව මෙන්න.

ලහිරු පෙරේරා කියන ගායකයාව ඔබ අඳුරගත්තේ “රම්බරි” සින්දුවෙන්. ටික කාලයක් යද්දී ලහිරු පෙරේරා ලා සිඤ්ඤොරේ වුණා. ආපහු වැඩි සද්දයක් බද්දයක්‌ නැතුව ගියා. එහෙම ටික කාලයක් නිශ්ෂබ්ද වෙලා හිටපු ලහිරු ඔන්න ආපහු ඇවිත්. මේ පාර ලහිරු පෙරේරා ඇවිත් තියෙන්නේ චයිනා ටවුමේ රවුම් ගහලාලු. පසුගිය කාලේ ලහිරු චයිනා ටවුමේ රවුම් ගහපු විදිහ සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට.

  • ලහිරු මේ ළඟදී දවසක චයිනා ටවුමේ රවුම් ගැහැව්වා කියලා ආරංචියි ?

චයිනා ටවුමේ කරක්‌ගහන්න උත්සාහ කළේ අවුරුදු දෙකකට විතර කළින්. හැබැයි කරක්‌ගහන්න වීසා හම්බවුණේ දැන්. ඒක හින්දා දැන් ඉන්නේ චයිනා ටවුමේ.

  • මෙච්චර කල් කොහේද ගිහිං හිටියේ ?

වීසාගන්න ඇප්ලයි කරලා හම්බවුණේ නැහැ. ලංකාවේ තමයි හිටියේ. ඇත්තටම වීසා ප්‍රොසෙස්‌ එක පහුවුණ හින්දා තමයි මේ වැඩේ ඇත්තටම කල්ගියේ.

  • චයිනා ටවුම කළේ කවුරු වෙනුවෙන්ද?

චයිනා ටවුම කළේ අපි වෙනුවෙන්. අපි වෙනුවෙන් කියලා කියන්නේ අපිත් එක්‌ක වැඩක්‌ කරන්න ආසා මිනිස්‌සු සෙට්‌ එකක්‌ ඉන්නවානේ. ඒ පිපාසාවට තමයි මේ වැඩේ කළේ. ඇත්තටම කිව්වොත් අපිටම බලන්න තමයි මේ වැඩේ කළේ.

  • ලහිරුගේ රම්බරී බලපු කට්‌ටියට නෙමෙයිද චයිනා ටවුම කළේ ?

කාටවත් අහන්න කියලා ඇත්තම මම එක සින්දුවක්‌වත් කරලා නැහැ. මගේ තියෙන්නේ මම ආසාවෙන් කරපු දේවල්. ඒවා මිනිස්‌සු වැළඳගත්තා. ඒ මගේ වාසනාවට.

  • චයිනා ටවුමත් හිතන තරම් හිට්‌ වෙයිද?

අනේ දන්නේ නැහැ. ඇත්ත කතාන්දරේ හිට්‌වෙන නොවෙන එක මම දන්නේ නැහැනේ. මම මගේ ආසාවක්‌ ඉෂ්ටකරගත්ත එක තමයි සිදුකළේ. හිට්‌වෙනවාද නැතිද කියන එක පස්‌සේ බලමු.

  • චයිනා ටවුමේ විදේශික තරුණියෝ ටිකක්‌ වටකරගෙන ඉන්නවා ?

චයිනා රටුමේ චයිනිස්‌ පෙනුම තියෙන කට්‌ටියත් ඉන්නවා. ඒත් එක්‌කම සුදු පෙනුම තියෙන කට්‌ටියත් ඉන්නවා. මේක කොහොමත් වෙනස්‌ විදිහේ වැඩක්‌.

  • ලහිරු ලංකාවේ දී චයිනා ටවුම හැදුවා කියන්නේ ඇත්තද?

අන්න හරි. ලංකාවේ තමයි මේ වැඩේ කළේ. අපි එහාට ගිහිං වැඩේ කරන්න ගියානම් ලොකු වියදමක්‌ යනවා. ඒකයි එහෙම කළේ.

  • චයිනා ටවුම එළියට දානකම්ද වැඩි සද්ද බද්දයක්‌ නැතිව හිටියේ ?

හරියටම හරි. චයිනා ටවුමෙන් පස්‌සේ මගේ ඉතුරු වැඩ ටික එළියට යනවා.

ලහිරුට ප්‍රසංගවලින් අඩුවක්‌ නැහැ කියන්නේ ?

ලංකාවේ ගොඩක්‌ තැන්වල ගෘහස්‌ථ ප්‍රසංග තියෙනවා. ගෘහස්‌ථ ප්‍රසංග කලාව ගොඩක්‌ හොඳයි. මොකද ආටිස්‌ලාගේ සජීව ගායනා එහිදී විඳින්න පුළුවන් වෙනවා. මම ඒ වැඩේට කැමැතියි.

  • ලහිරුට තවමත් බැණුම්වලින් අඩුවක්‌ නැහැ නේද?

කිසිම අඩුවක්‌ නැහැ. හැබැයි මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු අටක්‌ විතර වෙනවා. ඒ අවුරුදු අටේම කිසිම ප්‍රශ්නයක්‌ නැතිව මෙතැන ඉන්නේ බනිනවා වගේම මට කැමැති පිරිසකුත් ඉන්න හින්දානේ.

  • කොච්චර බැන්නත් ලහිරු කරන වැඩ නවත්වන්නේ නැහැ ?

මම කරන්නේ මටනේ. ඉතිං මට බනින ප්‍රශ්නයෙන් කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. අනෙක්‌ එක මගේ වටේ ඉන්න කට්‌ටිය දන්නවා මම මොනවාද කරන්නේ කියලා. ඒ ගොල්ලෝ බැන්නොත් විතරයි මම මොකක්‌ හරි තීරණයක්‌ ගන්න මැලිවෙන්නේ. නැතිනම් අනෙක්‌ ඒවාට මම මැලිවෙන්නේ නැහැ.

  • ලහිරුගේ වැඩවලට බිරිඳගෙන් බාධාවක්‌ නැතිද?

මම හරි සාර්ථක මිනිහෙක්‌. මම හිතේ සතුටින් ඉන්නේ. ඒ හිතේ සතුටෙන් සියයට අසූවක්‌ම තියෙන්නේ මගේ පවුලේ සතුට. ඒ මගේ බිරිඳ මාත් එක්‌ක ඉතාම සහයෝගයෙන් ඉන්න හින්දානේ.

  • ලහිරු මනූගේ පද රචනා විතරක්‌ම තෝරාගන්නේ ඇයි ?

ඔය කතා ගොඩක්‌ දෙනෙක්‌ මගෙනුත් අහනවා. මම මනූව තෝරාගෙන නැහැ. අපි දෙන්නා එකට ඉපදිලා තියෙන්නේ. තෝරාගැනීමක්‌ කළේ නැහැ. මේ වැඩේ පටන්ගන්නේ අපි දෙන්නම එකට.

  • ලහිරු හිට්‌ වුණේ මනු නිසාද?

ලහිරු හිට්‌වුණේ මනු නිසා නෙමෙයි. ලහිරුගේ වටේ මනුත් එක්‌ක තව සිය ගණනාවක්‌ ඉන්නවා. මොකද ලා සිඤ්ඤොරේ කියන කැරැක්‌ටර් එක මනූ හදපු එකක්‌ නෙමෙයි. ඒක වටේ ඉන්න සංගීතඥයෝ මගේ ඇඳුම් නිර්මාණකරුවෝ, මගේ වාදකයෝ හින්දා තමයි මම හැදිලා ඉන්නේ. නැතිව මම එක්‌කෙනෙකුට විතරක්‌ අයිති කෙනෙක්‌ නෙමෙයි. අපි ඔක්‌කෝගෙම එකතුවක්‌ තමයි ලා සිංඤ්ඤොරේ කියන්නේ.

  • දැන් ලා සිඤ්ඤොරේ ගේ කාලය ඉවරද?

ලා සිඤ්ඤොරේ තමයි චයිනා රටුමේ ඉන්නේ.

  • ලහිරු සින්දු හිට්‌ කරන්න චැනල්වලට සල්ලි දීලා නැතිද?

අනේ දෙවියනේ කියලා නාලිකාවලට සතපහක්‌වත්දීලා නැහැ.

  • මෙලෝ රහක්‌ නැති සින්දුවලට ලහිරු අහස උසට සල්ලි ගන්නවා කියලා මිනිස්‌සු කියනවා නේද?

ඉතිං ඒකට ගෙවනවානේ. ඒකනේ මම ජීවත්වෙන්නේ. ගෙවනවා නම් වෙන කතා මොනවාද?

  • ලහිරු කොන්සර්ට්‌ එකක්‌ කරන්න යනවා කියලා ආරංචියි ?

චයිනා ටවුමෙන් පසුව මගේ කොන්සර්ට්‌ එකක්‌ එනවා. හරියටම හරි. චයිනා ටවුම් ලාසිඤ්ඤොරේ කොන්සර්ට්‌. ලබන අවුරුද්දේ මුල එනවා. මමයි ඩැඩී සංගීත කණ්‌ඩායම තමයි මේ වැඩේට ඉන්නේ.

CHINA TOWN සින්දුවේ පූර්ව ප්‍රචාරක පටය මෙන්න.

[/video]


News Articles
Latest Videos
Most Popular Post