ධනංජි තාරුකා කියන්නේ නව පරපුරේ නැඟී එන නිළියක්. ටෙලි නාට්‍ය වලින් රංගනයට ආපු ඇයට දැන් රිදී තිරයටත් ඉල්ලුමක් තියෙනවා කියල ආරංචියක් ආවා. ඒ මේ දවස්වල තිරගත වෙන “සීමා නෑ ආකාසේ” චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් එක්කම. ඉතින් ඒ ගැන වගේම ධනාගේ අලුත්ම තොරතුරු ගැන තමයි මේ ලිපිය.
ඔව්නේ…නිශාන්ත ප්‍රදීප්ගේ වර්ණ, ආදරවන්තියෝ, මේ මල් වසන්තයයි, මානා වාරිය, මන්දාර අහස ඇතුළු ටෙලි නාට්‍ය කිහිපයක සහ සුනිල් ප්‍රේමරත්න මහතාගේ වැලි පව්රු චිත්‍රපටයේ ෂූටින්ග් තියෙනවා.
මට හරිම සුවිශේෂී චිත්‍රපටයක් ඒක. මගේ තුන්වැනි චිත්‍රපටය මේ. වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ කියෑවෙන ලස්‌සන චිත්‍රපටයක්. මහේන්ද්‍ර පෙරේරා මගේ තාත්තාට ඉන්නේ. දිල්හානි අශෝකමාලා මගේ අම්මා විදිහටත් මල්ලි විදිහට සූර්යා දයාරුවන් රංගනයෙන් දායක වෙනවා.
ඔව් හරිම සුවිශේෂී චිත්‍රපටයක්. හැමකෙනෙක්‌ම බලන්නම ඕන චිත්‍රපටයක් කියලා මට හිතෙනවා. තරුණ පරපුරට අමතන සියදිවි නසාගන්න එපා කියන කාරණාව පිළිබඳ නිර්මාණය වුණු හොඳ චිත්‍රපටයක් සීමා නෑ ආකාසේ. ඒ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීමත් ලොකු දෙයක් කියලයි මං හිතන්නේ.
ඔව්…බ්ලැක් මේල් චිත්‍රපටයත් ළඟදීම බලන්න පුළුවන්. ඒ වගේම නැකත සහ ඉලන්දාරි වේදිකා නාට්‍ය දෙක එක්‌කත් මේ දවස්‌වල කටයුතු කරනවා.
කතා කළා වැඩසටහන් කීපයකටම. නමුත් මේ ටිකේ ෂූටින්ග් තත්ත්වෙත් එක්‌ක පොඩ්ඩක් දින වෙන්කරගන්න අමාරුයි. රියෑලිටි වැඩසටහනක රියසල් සඳහා. ඒ හින්දා ටික දවසකට නොකර ඉන්නයි හිතුවේ. හැබැයි ඉතිං අත්ඇරලම දාන්නේ නැහැ. විවිධ වැඩ කරන්න යෙදෙනවනේ. එතකොට ආයෙත් කරනවා.
ප්‍රසංගයක් සඳහා තමයි, පහුගිය දවසක ජපානයට යන්න වුණේ. නමුත් මේ ටිකේ නං ෂූටින්ග් නිසා ආව විදෙස් සංචාර භාරගත්තේ නැහැ. නමුත් නර්තන සහ ගායනය සඳහා යන්න වුණොත් සලකා බලනවා. කොහොම වුණත් ලබන අවුරුද්දේ තමයි, ආයෙත් මේ ටිකේ වැඩ නිසා.
මං ඒ පැත්තට පොඩි දක්‌ෂකමක් දක්‌වනවා. අංගම්පොර සහ කාරාටේ. කරාටේ නං මං පාසල් යන කාලේ ඉඳන් කරලා තියෙනවා. මේ දවස්‌වල අංගම්පොර පිළිබඳව ඉගෙනගන්න පොඩ්ඩක් යොමුවෙලා ඉන්නවා.
අපි නර්තනය කරනකොට අංගම්පොර පෙන්නුම් කරන නර්තනයන් වලත් යෙදුණා. ඉතිං මට හිතුණා ඒ ගැන ටිකක් ඉගෙනගන්න ඕන කියලා. ඒ වගේම සමන් කුමාරගේ සුනේත්‍රා කියන නාට්‍යයෙත් අංගම්පොර සටන් කලාව නිරූපණය කරන්න තියෙනවා. මොකද ඒ නාට්‍යයේ අංගම්පොර ගුරුවරයකුගේ දුවෙක් විදිහට මට රඟපාන්න තිබුණේ. ඒ සඳහාත් මට හදාරන්න වුණා. කොහොමටත් ඉතිං ඉගෙනගන්න දෙයක් අහක යන්නේ නෑනේ කියලා හිතලා ඒ ගැන ඉගෙනගන්න හිතුණා.
ම්…ඔව්. මං ගියෙ කොළඹ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයට. ඒ කාලේ මං චිත්‍ර වලින් හුඟක් ඉදිරියෙන් හිටියා. දැන් ඉතිං මනස නිදහසේ තියන් ඒ කෙරෙහි යොමුවන්න බැරි හින්දයි කෙරෙන්නේ නැත්තේ. නැත්නං චිත්‍ර, මූර්ති කියන්නේ මං දක්‌ෂතා දැක්‌වූ විෂයක්.
ඒකත් හොඳ අදහසක්. එහෙම දෙයක් කරන්න ලැබුණොත් හොඳයි. බලමු නේද.
ඒකත් දක්‌ෂතාවක් තමයි ඉතිං.
ඉන්නවා. දැන් ඉතිං ඉන්නේ අම්මයි තාත්තයි මායි විතරයිනේ. තාත්තා බන්ධනාගාර නිලධාරියෙක්. අම්මා අපිව බලාගෙන ගෙදර ඉන්නවා. මගේ අක්‌කා විවාහ වෙලා එයා ඉතිං වෙනම ඉන්නේ.
මගේ අක්‌කගේ ලොකු දුව. සහේලි ගැන මං ආඩම්බර වෙනවා. මොකද මගේ පවුලේ දැන් කලාකාරියන් දෙන්නෙක් ඉන්නවා. සහේලි මේ අවුරුද්දේ රයිගම් සහ සුමති සම්මාන උළෙල දෙකේදීම සම්මාන ලැබුවා. ඒ ගැන හුඟක් සතුටුයි.
ඔව්. මම තමා. හැබැයි එයා ඉපදුණු දා ඉඳලම හුඟක් දක්‌ෂතා පෙන්නපු දරුවෙක්. නර්තනය, රංගනය, කතා විලාසය ඒ හැමදේටම පුංචි කාලේ ඉඳන් දක්‌ෂතා පෙන්නුවා. එයාගේ ඒ දක්‌ෂතාව හින්දම එයාව ක්‌ෂේත්‍රයට ගේන්න මට පුළුවන් වුණා. බන්ධන, දේදුනු ආකාසේ වගේ චිත්‍රපටවල එයා හොඳ දක්‌ෂතාවක් පෙන්නනවා. මං එයාට සුබපතනවා කලාවෙන් තව ඉදිරියට ගිහිං සම්මාන පිට සම්මාන ලැබෙන්න කියලා.
අක්‌කා නං එහෙම නැහැ. අක්‌කගේ මහත්තයා වසන්ත සතරසිංහ. ඔහු නං වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටිනවා. එයාගේ ජොබ් එකත් එක්‌ක එයාට රංගනයට වෙලාව අඩුයි. ඉතිං වෙළෙඳ දැන්වීම් සඳහා සම්බන්ධ වෙනවා.
එහෙම කෙනෙක් නැහැනේ. තාම හොයනවා.
යෝජනා නං එනවා. හැබැයි ඉතිං මේ දවස්‌වල ඒ ගැන හිතන්නත් වෙලාවක් නැහැ. අනික ඉතිං මං තව ටික කාලයක් ඉන්න තමයි කැමති මෙහෙම. බලමු ඉතිං නේද? මොකද මේ වැඩත් එක්‌ක ඒ දේවල් පටලව ගන්න මං කැමැති නැහැ. මොකද මේ නිර්මාණ කටයුතු වලට සම්බන්ධ වෙද්දී නිදහස ටිකක් ඕනනේ. ඒ දේවල් පටලවා ගත්තොත් නිදහස ටිකක් අඩුවෙයි කියලා හිතනවා. ඒ නිසා තව ටික දවසකින් බලමු නේද?
එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හිත යන කෙනා අනුව තමයි ඉතිං. මං හිතන්නේ ඒක දෛවය තීරණය කරයි.